Saturday, January 17, 2026
Follow Us
ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ උසස් පෙළ සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (2025) සඳහා ගෘහ ආර්ථික විද්‍යාව විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය එළැඹෙන 2026 ජනවාරි 24 දින සිට පෙබරවාරි 02 දින දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ ප්‍රායෝගික පරීක්ෂණය  දිවයින පුරා පිහිටුවනු ලබන පරීක්ෂණ මධ්‍යස්ථාන 42කදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

 පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ අයදුම්පත්‍රවල සඳහන් ලිපිනයටත් තැපැල් මාර්ගයෙන් යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම, ප්‍රවේශපත්‍ර තැපැල් මගින් නොලැබුණු අපේක්ෂකයින් සඳහා 2026 ජනවාරි 19 දින සිට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප්‍රවේශපත්‍ර බාගත කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මෙම විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පහත සඳහන් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ විමසීම් කළ හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ක්ෂණික ඇමතුම් අංකය : 1911
දුරකථන අංක : 011 2784208 / 011 2784537
ෆැක්ස් අංකය : 011 2784422
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.