Monday, February 09, 2026
Follow Us
State
Clean Sri Lanka ජාතික ව්‍යාපෘතියට සමගාමිව එහි අරමුණු දීප ව්‍යාප්තව සාක්ෂාත් කර ගැනීම සඳහා උපායමාර්ගික මෙවලමක් වශයෙන් 2025, 2026 සහ 2027 වර්ෂයන්හිදී සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින්ම එක් ගමක් (පවුල් 50ක් ආසන්න වශයෙන් පදිංචි) බැගින් තෝරා ගෙන සහභාගිත්ව ග්‍රාමීය ප්‍රවේශය පදනම් කර ගනිමින් ප්‍රජා ඵලදායි ආදර්ශ ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර එය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
State

මින්නේරිය, ගිරිතලේ, ගල්ඔය, හුරුළුවැව සහ රාජාංගනය වාරි යෝජනා ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

State
  • ආරක්ෂක අංශ සහ වනජීවී දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විධිමත් මෙහෙයුමක්
ග්රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්රණයක් කඩිනමින් ක්රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
State

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ පසුගිය කාලයේ දී සිදුවී ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

State

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමට අදාළව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක අරමුදල් සලසා දීමට මහජන චීන සමූහාණ්ඩුව එකඟතාව පළ කර තිබේ. 

State
ඉරානය තුළ වර්තමානයේ පවතින ගැටුම්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ටෙහෙරානයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය තාවකාලිකව පහත දැක්වෙන ලිපිනයෙහි ස්ථානගතකොට ඇති බව ශ්රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශය මහජනතාවට දැනුම් දෙයි.
State

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

State

වසර අවසන් වන තුරු තෙල් ඇනවුම් කර තිබෙන බවත් ඉදිරි මාස දෙකට තෙල් සංචිත ඕනේ තරම් තියෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථායේ සභාපති ජනක රාජකරුණා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේය.

State

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

State

සමාජ මාධ්‍ය එනම් Youtube හා Facebook උපයෝගී කරගෙන වංචනිකව විදේශ රැකියා ජාවාරමක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

State

 ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව කොළඹ මධ්‍යම බස් නැවතුම්පළ වසරක් ඇතුළත නවිකරණයට කිරීමට රජය සැලසුම් කර තිබේ.

State

මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ‍ඇතිවිය හැකි බවට ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වන බවත්, එහෙත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග තිබෙන බව, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයාකොඩි මහතා පැවසීය.

State

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

State

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පත් කර තිබේ.

State

2009 වසරට පෙර ලබා ගත් රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. 

State

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ 2025 විභා­ගය නොවැ­ම්බර් මස 10 වැනිදා ආරම්භ කරන අතර දෙසැ­ම්බර් මස 05 වැනිදා දක්වා විභා­ගය පැවැත්වේ. ඊට අදාළ අය­දු­ම්පත්‍ර කැඳ­වීම අද (26) සිට සිදු කරන බව විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා කුමාරි මහ­ත්මිය සඳහන් කළා ය.

State

විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණපෑ රෝගීන්ගේ ඇතුළු පාර්ශවයන්ගේ විස්තර රැස් කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරයි.

State

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි 15 වෙනිදා "ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය" ලෙස ප්‍රකාශයට පත්කරතිබෙනවා. ඊට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් "සරණ" නමින් උපකාරක සේවාවක් ආරම්භ කර තිබේ.

0707 89 88 89 දරණ වට්ස්ඇප් අංකය හරහා දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් හට නඩත්තු ඉල්ලීම පිළිබඳ ඕනෑම අවස්ථාවක ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයට තොරතුරු ලබාදිය හැකි වනවා.


මෙම අවස්ථාව සංකේත්වත් කරමින් අද (16) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා හා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ පරිශ්‍රයේදී නිල වශයෙන් වට්ස් ඇප් අංකය ජනගත කිරීම සිදු කෙරිණි. එමෙන්ම වැඩිහිටි අපයෝජනය පිළිබඳව දීපව්‍යාප්තව ජනතාව දැනුවත් කිරීමේ අවස්ථාව සංකේතවත් කරමින් කොඩි පැළඳවීමක්ද සිදුකෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, අතිරේක ලේකම් හේමා පෙරේරා මහත්මිය, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිදුම් මහතා ඇතුළු අමාත්‍යංශීය නිළධාරින් පිරිසක් එක්ව සිටියා.