Thursday, December 18, 2025
Follow Us
ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය- මහවැලි ගංඟා ද්‍රෝණිය
මහවැලි ගඟෙහි ඇතැම් ධාරා ප්රදේශවලට ඊයේ රාත්රියේ සිට ලැබුණු වර්ෂාව හා මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශවලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන්, ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟට ආසන්න පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 
එම අවදානම කින්නියා, මුතුර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහවැලි ගඟ ආශ්රිත පහත් ප්රදේශවල විශේෂයෙන්ම පවතී. තවද මඩකලපුව - පොළොන්නරුව මාර්ගය ගල්ලෑල්ල ප්රදේශයෙන්ද, සෝමාවතී රාජමහා විහාරයට යන ප්රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්රදේශයද ගංවතුරින් යටවීමේ අවදානමක්ද පවතී.
එබැවින්, ඉදිරි දින කිහිපය පසුවනතෙක් සෝමාවතී රාජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්රදේශවල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩිවිමසිල්ලෙන් පසු වන ලෙසත්, ඇති විය හැකි ගංවතුර තත්ත්වයකින් ආරකෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා ලෙස ආපදා කළමණාකරන අංශවලින් ඉල්ලා සිටිනු ලැබේ.