පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බහුවාර්ගික හා ත්‍රෛභාෂා නව ජාතික පාසලක් ඉදිකිරීමේ ඇස්තමේන්තුව මත පදනම්ව එම ගොඩනැගිලි සංකීර්ණයේ වැඩ නිම කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම අනුමැතිය හිමිව තිබේ..
මෙම පාසල 2015-09-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ යටතේ Block 01 සහ Block 02 වශයෙන් ගොඩනැගිලි සංකීර්ණ 02ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. Block 01 ගොඩනැගිලි සංකීර්ණය ඉන්දීය රජයේ ප්‍රදානයක් වශයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත සහ Block 02 ගොඩනැගිලි සංකීරණය ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ එවකට පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කර ඇත.
රට තුළ පැවති ආර්ථික අර්බුදය හමුවේ Block 02 ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අත්හිටුවා අදාළ කොන්ත්‍රාත්තුව අවසන් කර තිබේ.
ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත අදාළ විෂය පථය සංශෝධනය කර ඇති අතර, Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහලේ වැඩ අවසන් කිරීමෙන් අනතුරුව ඉහළ මහලේ වහලය දක්වා ඉදිකිරීම් සිදු කර, එම ගොඩනැගිලි සංකීර්ණය 2025‑10‑31 දින ශ්‍රී ලංකා රජය වෙත භාර දීමට පියවර ගෙන ඇත.
Block 01 ගොඩනැගිලි සංකීර්ණයේ තවදුරටත් නිම කළ යුතු වැඩ අවසන් කිරීම සඳහා ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරු ආයතනය වන ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් රුපියල් මිලියන 199.13ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.