බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී එහි විශේෂ අංශයේ ඒ කොටසේ සිරමැදිරි තුළ තිබි ජංගම දුරකතන ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.
පෙරේදා(24) සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී ස්මාර්ට් ජංගම දුරකතන දෙකක් , දුරකතන චාජර් දෙකක් , ඩේටා කේබල් තුනක් , හැන්ඩ් ෆී දෙකක් ඇතුලු උපකරණ රැසක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සදහන් කරයි.
