Monday, February 02, 2026
Follow Us
නිද­හස සම­ර­මින් ජාතික කොඩිය ප්‍රද­ර්ශ­නය කරන්න

78 වැනි නිද­හස් දිනය නිමි­ත්තෙන් ආය­ත­න­වල, නිවෙ­ස්වල සහ වාහ­න­වල ජාතික කොඩිය ප්‍රද­ර්ශ­නය කරන ලෙස රාජ්‍ය පරි­පා­ලන ස්වදේශ කට­යුතු පළාත් සභා සහ පළාත් පාලන අමා­ත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලා සිටියි.

සිය­ලුම රාජ්‍ය ගොඩ­නැ­ඟි­ලි­වල ජාතික කොඩිය ප්‍රද­ර්ශ­නය කළ යුතු බවට උප­දෙස් දී තිබෙ­න බව ප්‍රකාශ කළ ලේකම්වරයා 78 වැනි නිද­හස් සැම­රුම ආරම්භ කර­මින් අද (02) රාත්‍රියේ නිද­හස් මන්දි­ර­යේදී පරි­ත්‍රාණ ධර්ම දේශ­න­යක් පැවැ­ත්වෙ­න බව ද සඳහන් කළේය.