Tuesday, February 10, 2026
Follow Us
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය පාර්ලිමේන්තුවට
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩිදියුණු කිරීම පිණිස, යෝජිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් කරමින් 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව, සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අතර, ඒ සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.