Sunday, February 01, 2026
Follow Us
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලුවක් සම්බන්ධයෙන් දැනුම්දීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී, ඔවුන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා මැදිහත්වීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (1)  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECl] වෙත දැනුම් දෙන මෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.

එරාංගා ජයවර්ධන (අධ්‍යක්ෂ ECI)
දුරකථන අංකය – 0112675011
දිගු අංකය 173