Tuesday, February 10, 2026
Follow Us
'ජාතික ඛනිජ ප්‍රතිපත්තිය' - 2026 ට අනුමැතිය ලැබෙයි
ජාතික ඛනිජ ප්‍රතිපත්තිය, වර්තමාන රජයේ 'පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශයේ 'තිරසර සම්පත් භාවිතාවක් - උපරිම ප්‍රතිලාභ ජනනයක්' යන තේමාව යටතේ වන ප්‍රතිපත්ති මූලධර්මයන්ට අනුගතව නැවත යාවත්කාලීන කර තිබෙන අතර ඒ අනුව සකස් කරනු ලැබ ඇති 'ජාතික ඛනිජ ප්‍රතිපත්තිය - 2026' ක්‍රියාත්මක කිරීමට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

'ජාතික ඛනිජ ප්‍රතිපත්තිය', 1999 වර්ෂයේදී ප්‍රථම වරට සකස් කරනු ලැබ ඇති අතර, ඛනිජ සම්පත් සම්බන්ධ යාවත්කාලීන දත්ත පද්ධතියක් සකස් කිරීම, ඛනිජ අපනයනය කිරීම සඳහා අගය එකතු කිරීම, ඛනිජ ආශ්‍රිත කර්මාන්තකරුවන් දිරි ගැන්වීම, ඛනිජ සම්පත් නිස්සාරණය හා පරිසරය තිරසර ලෙස කළමනාකරණය කිරීම සහ ඛනිජ සම්පත් නිස්සාරණයේදී මතු වන ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීම වැනි කරුණු ආවරණය කරමින් 2023 වර්ෂයේදී සංශෝධනය කරනු ලැබ ඇත.