Thursday, February 05, 2026
Follow Us
උපා­ධි­ධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ විභා­ග­යට අය­දු­ම්පත් කැඳවයි

ජාතික හා පළාත් පාසල් පද්ධ­තිය තුළ පව­තින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුර­ප්පාඩු සඳහා  උපා­ධි­ධා­රීන් බඳවා ගැනීමේ තරග විභා­ග­යට අය­දු­ම්පත් කැඳ­වීමේ ගැසට් නිවේ­ද­නය නිකුත් කර තිබේ.

මෙහිදී දැනට රාජ්‍ය සේවයේ නිරත උපා­ධි­ධා­රීන් සහ රාජ්‍ය සේවයේ නියු­තුව නොසි­ටින උපා­ධි­ධා­රින් ශ්‍රී ලංකා ගුරු සේව­යට බඳවා ගැනීම සඳහා වෙන වෙනම ගැසට් නිවේ­දන දෙකක් පසුගිය 02 දා නිකුත් කර ඇත. 

රාජ්‍ය සේවයේ නියුතු උපා­ධි­ධා­රීන්ට ගුරු සේව­යට අය­දුම් කිරීම සඳහා මාර්ග­ගත ක්‍රමය ඔස්සේ අය­දු­ම්පත් භාර ගැනීම අද (05) පෙ.ව. 09.00ට විවෘත වන අතර, එය පෙබ­ර­වාරි මස 19 වන දින ප.ව. 09.00 දක්වා විවෘ­තව පවතී.

රාජ්‍ය සේවයේ නොසි­ටින උපා­ධි­ධා­රීන් ගුරු සේව­යට බඳවා ගැනීම සඳහා අය­දුම් කළ හැක්කේද මාර්ග­ගත ක්‍රමය ඔස්සේය. පෙබ­ර­වාරි මස 20 වන දින පෙ.ව 9.00 ඒ සඳහා අව­ස්ථාව උදා­වන අතර එය මාර්තු මස 5 වන දින ප.ව 9.00ට අව­සන් වේ.

2023 පෙබ­ර­වාරි 10 වැනි­දාට රාජ්‍ය සේවයේ නියු­තුව නොසිටි උපා­ධි­ධා­රීන්ට මේ සඳහා අය­දුම් කළ හැකිය.

ඊට අම­ත­රව 2023 පෙබ­ර­වාරි 10 වැනි­දාට අය­දුම් කිරී­මට සුදු­සු­කම් නොල­බන, එහෙත් එදි­නට වයස අවු­රුදු 40 නොඉක්ම වූ අය අත­රින් එදි­නට පසු හා 2025.06.30 දිනට පෙර උපාධි සුදු­සු­කම් සම්පූර්ණ කළ 2023.02.10 දිනට රාජ්‍ය සේවයේ නියු­තුව සිටිය ද, මේ වන විට විධි­මත් අනු­මැ­ති­යක් මත එම තන­තු­රෙන් ඉල්ලා අස් වී සිටින 2025.06.30 දිනට ප්‍රථම උපාධි සුදු­සු­කම් සම්පූර්ණ කරන ලද පිරි­සට ද මෙම ගැසට් නිවේ­ද­නය ප්‍රකා­රව අය­දුම් කළ හැකිය.

මේ සඳහා ස්ත්‍රී පුරුෂ දෙපා­ර්ශ්ව­ය­ටම අය­දුම් කළ හැකිය.

අය­දු­ම්පත් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ www.doenets.lk වෙබ් අඩ­වියේ ÒOur ServicesÓ යටතේ ඇති ÒOnline Applications – Recruitment Exams / E.B.ExamsÓ ඔස්සේ පළ කර ඇත.