Tuesday, February 10, 2026
Follow Us
උතුරු නැගෙනහිර ඒකාබද්ධ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන යට‌තේ ව්‍යපෘති රැසක්
උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්රාදේශීය සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීම සඳහා අවශ්ය පියවර ගැනීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

 

2026 සිට 2031 දක්වා වන වසර 06ක කාලසීමාව සඳහා ලෝක බැංකු සමූහයේ ජාත්යන්තර සංවර්ධන සමායතනය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,000ක මූල්ය ප්රතිපාදන මෙරටට ලබා දීමට නියමිතය.
 
ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්රියාත්මක කිරීමට යෝජිත ඒකාබද්ධ ප්රාදේශීය සංවර්ධන වැඩසටහන වෙනුවෙන් යොදා ගැනීමට සැලසුම් කර ඇත. එම වැඩසටහනේ පළමු අදියර යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල තෝරා ගත් ප්රදේශයන්හි කලාපීය නිෂ්පාදන විභවයන් (සංචාරක, ධීවර ආදී) ඉහළ නැංවීම, රැකියා බිහි කිරීම හෝ පවතින රැකියා අවස්ථා වැඩිදියුණු කිරීම, ව්යවසායයන් සඳහා සහාය වීම, පෞද්ගලික ප්රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සහ ආයතනික සවිබල ගැන්වීම පිණිස යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවධානයක් යොමු කරන ව්යාපෘති ක්රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.