නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්චස් 28.04ක ඉඩම් කොටස විදේශ සංචාරකයින් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට වසර 50ක කාලසීමාවකට සුදුසු ආයෝජකයෙකු වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
ඒ අනුව, එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ට තීරණය කර ඇත.