දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් හරක් මස් සහ එළු මස් ප්‍රවාහනයට පනවා තිබූ තහනම ඉවත් කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ නව වාණිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
2022 උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්ව විද්‍යාල සඳහා තේරීපත්වූ සිසුන් පාඨමාලා සඳහා ලියාපදිංචි කිරීම අද(19) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
දෙසැම්බර් 25 වැනිදා සියලුම හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් සැපයීමට අවසර දෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙයි.
ලංකා සතොස ආයතනය මඟින් එළැඹෙන නත්තල් උත්සවය සමය සඳහා මහජනතාවට ලබා දෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5ක මිල අඩු කර තිබේ.
භික්‍ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ලබන ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම දෙසැම්බර් 23 වනදායින් අවසන් කෙරේ.
තෙල් ගබඩා කිරීමේ පහසුකම් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ඇති කිරීම සඳහා කොළඹ වරාය නගරයේ ඉඩම් කොටස් හතරක් ආයෝජකයන් වෙත ලබාදීමට අභිලාෂ කැඳවන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කියයි.
රජය විසින් මෙවර මහ කන්නය සඳහා (2022/2023) ගොවීන්ට ලබාදෙන යූරියා ඇතුළු පොහොර තොග නැවෙන් ගොඩ බාන අවස්ථාවේ සිට ගොවියාට බෙදන අවස්ථාව දක්වා රුපියල් මිලියන 6000කට අධික මුදලක් වැය කිරීමට සිදු වී ඇතැයි අනාවරණය වේ.
සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
රජයේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී තරුණ රාජ්‍ය නිලධාරීන්ට වැඩි අවස්ථාවක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දෙකක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
දේශීය ආදායම් සංශෝධන පනතේ විධිවිධාන ප්‍රකාරව ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට ඊට අදාළ බදු සංශෝධන ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.
පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මේ වසරේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුන්කති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා ගොස් ඇති බවත් ඉතිහාසයේ විදේශ රැකියා සඳහා වැඩිම පිරිසක් විදේශ ගතවූ වසර ලෙස මෙම වසර වාර්තා ගත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
විෂ මත්ද්‍රව්‍ය සහ අන්තරායකර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.
පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළා.
ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Page 99 of 644