බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර Hatching Eggs ලක්ෂ දෙකක් ආනයනය කිරීමේ තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙටික් ටොන් 1,200ක් රාජසන්තක කෙරේ
නීති විරෝධී ලෙස ආනයනය කළ සීනි මෙටික් ටොන් 1,200ක් රාජසන්තක කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
කොළඹදී පැවැත්වෙමින් තිබෙන මාධ්‍ය හමුවකදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ, පැය 10ක විදුලි කප්පාදුවක් කිරීමට සිදුවනු ඇතැයි කරන ප්‍රකාශ අසත්‍ය බවයි.
ලංකාවේ වන ආවරණය 16%ක් දක්වා අඩු වී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා පවසයි.
ජනතාවට සේවය කිරීමේදී කඹ ඇදීමකින් තොරව තම වගකීම් නිසි ලෙස ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට ඕමන්ත දක්වා කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම මැදවච්චිය දුම්රිය ස්ථාන පරිශ්‍රයේ දී සිදු කෙරිණි.
නත්තල් සමය වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හඳරාගම මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමට පෙර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගොපාල් බාග්ලේ මහතා ඇතුළු නිලධාරීන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සමිඳුන් අබියස ආගමික වතාවත්වල නිරත වූහ.
ශ්‍රී ලංකාව තුළ යළි මුව ආවරණ පැළදීම අනිවාර්්‍ය කිරීම කෙරෙහි කිසිදු අවධානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, චීනයේ යළි හිස ඔසවමින් ඇති කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
ලබන මාර්තු මස අග සිට ආරම්භ වන 2023 පාසැල් අධ්‍යන වර්ෂයේදී ප්‍රාථමික අංශයේ වාර විභාග නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
මැතිවරණ නීතියට ගරු කරමින් දහම් පාසල් ගුරුවරුන් සඳහා සාම විනිසුරු තනතුරු ලබාදීම වෙනුවෙන් සංවිධානය කර තිබු උත්සවය අවලංගු කිරීමට පියවර ගත් බව අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙක් එක් යන්ත්‍රයක් 23 සිට වසා දැමීමට තීරණය කර තිබේ.
එළඹෙන නත්තල් දිනයදා දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ දේවස්ථාන තුළට ඇතුලුවන නාදුනන පුද්ගලයින් හඳුනාගැනීමට ද විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි.
බිත්තර ලක්ෂ 8ක ප්‍රමාණයක් අද කොළඹට රැගෙන එන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
වර්ෂ අවසාන සාද සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ අවධානයකින් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පාසල් හා විශ්ව විද්‍යාලවලට මත්ද්‍රව්‍ය ඇතුළුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.
Page 98 of 644