Friday, November 08, 2024
Follow Us
කොරියානු රැකියා  අයදුම්කරුවන්ට සුබ ආරංචියක්

මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් සඳහා කොරියානු රැකියා අවස්ථා 6,500ක රැකියා කෝටාවක් ලැබී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඉකුත් වසරේ දී ලැබී තිබුණේ 5047 රැකියා කෝටාවක් පමණි. ඒ අනුව ගිය වසරට වඩා 28.79%කින් රැකියා අවස්ථා ප්‍රමාණය වර්ධනය වී ඇති අතර මෙම වර්ෂය සඳහා ගිය වසරට සාපේක්ෂව නව රැකියා අවස්ථා 1,453ක් ලැබී තිබේ. මෙය ශ්‍රී ලංකා කොරියානු රැකියා සඳහා ඉතිහාසයේ ලද වැඩි ම රැකියා අවස්ථා ප්‍රමාණය ද වෙයි.

මෙම රැකියා අවස්ථා 6,500 සඳහා අයදුම්කරුවන් 14,588කට පොරොත්තු ලේඛණයේ රැඳී සිටීමට අවස්ථාව සලසා දී ඇති අතර, ඒ නිෂ්පාදන අංශය 12,189ක්, ධීවර අංශය 2,149ක් සහ ඉදිකිරීම් අංශයේ 250ක් ලෙසිනි.

පසුගිය වසරේදී 5,047 ක රැකියා කෝටාවක් ලැබී තිබුණත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් දිගින් දිගටම කරනු ලැබූ ඉල්ලීම් අනුව ශ්‍රමිකයින් 6,639 දෙනෙක් පිටත් කර යැවීමට හැකියාව ලැබුණි. මෙම වසරේදී ලැබී තිබෙන රැකියා කෝටාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් මේ වසරේදී පිටත් කර යැවීමට හැකියාව ලැබෙනු ඇතැයිද අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.