මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීම සහ ආයෝජනයට අවශ්‍ය සියලු අනුමතීන් කඩිනමින් ලබාගැනීම සඳහා එක් ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා විය.
මේ පිළිබඳව සාකච්ඡා කෙරුණේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතීඥ) මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (01) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවසථාවේදී ය.
මෙම විශේෂ කාරක සභාව සඳහා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව, ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය සහ ශ්‍රී ලංකා වාණිජ සහ කර්මාන්ත සම්මේලනය ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය නියෝජනය කරන ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරන නිලධාරීහු සම්බන්ධ වූහ.
මෙහිදී ඒ ඒ පාර්ශ්වයන් මෙරට ආයෝජන ප්‍රවර්ධනය සඳහා තම ගැටලු යෝජනා යෝජනා පිළිබඳව කාරක සභාව දැනුවත් කළ අතර පැමිණ සිටි බොහෝ පිරිසකගේ අදහස වූයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීම සහ ආයෝජනය සඳහා අවශ්‍ය සියලු අනුමතීන් ලබාගැනීමට එක් ස්ථානයක් ස්ථාපිත කිරීම වැදගත් වන බවයි. මේ සම්බන්ධයෙන් මෙම කාරක සභාවට මින් පෙරද යෝජනා ඉදිරිපත් වී ඇති බව පැවසූ කාරකසභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවසුවේ පාර්ලිමේන්තුවට සහ ජනාධිපතිතුමාට මේ පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.
එසේම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැමිණ සිටි පාර්ශ්ව පෙන්වා දුන් අතර මධුර විතානගේ මහතා සඳහන් කළේ මේ පිළිබඳ වෘත්තීයවේදීන් ලෙස ඒ ඒ අංශ හා සම්බන්ධ පාර්ශ්ව ඉදිරිපත්කරන අදහස් වැදගත් වන බවයි. මේ නිසා ප්‍රසිද්ධ මාධ්‍ය හරහාද මේ පිළිබඳ දැනුවත් කිරීමේ අවශ්‍යතාව හෙතෙම පෙන්වා දුන්නේය.
තවද රටවල් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පසුවන ස්ථානයද ආයෝජන ප්‍රවර්ධනයට බලපාන බවත් එම ශ්‍රේණිගතකිරීම්වල ඉදිරියට පැමිණීමේ අවශ්‍යතාවත් මෙහිදී පැමිණ සිටි පාර්ශ්ව අවධාරණය කළහ. එසේම මෙරට වෙළඳපොළ ප්‍රමාණය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය ඒ. අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න සහ කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.