Thursday, April 25, 2024
Follow Us
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් විධිමත් කිරීමට පියවර 

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විදින පිරිස් නියමානුකූල කිරීම සහ ඔවුන්ගෙන් හිමි වු යුතු බදු මුදල් අය කර ගැනීම සඳහා වන ජංගම සේවා වැඩසටහනේ තවත් අදියරක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  පසුගියදා පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ හික්කඩුව, රත්ගම මාදම්පාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දුම්රිය ඉඩම් භුක්ති විදින විශාල පිරිසකගේ දුම්රිය ඉඩම් සම්බන්ධ ගැටලු සඳහා විසඳුම් ලබාදීම සිදුවිය. එහිදී දුම්රිය සතු ඉඩම් නියමානුකූල කිරීමේ ක්‍රමවේදයන් හඳුන්වා දීම, ඒ පිළිබඳව නීතිමය පසුබිම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, සුදුසුකම් සම්පූර්ණ කරන ලද පිරිස් වෙනුවෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කිරිම ඇතුළු සේවාවන් රැසක් ජංගම සේවය යටතේ ක්‍රියාත්මක විය.

 ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වේ.

 

කිසිදු බදු මුදලක් ගෙවීමකින් තොරව දුම්රියේ ඉඩම් භුක්ති විඳීන ජනතාවට, පවතින ආර්ථික අපහසුතාවයන් ද සැලකිල්ලට ගනිමින් රජයට හා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත අයවිය යුතු බදු නියමිත පරිදි ගෙවීම සඳහා සහනදායි අවස්ථාවක් මෙම ජංගම සේවය යටතේ සලසා දෙන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

වසර දහයකට වැඩි කාලයක් අනවසර පදිංචිකරුවන් ලෙස සිටින ජනතාවට අදාළ බදු මුදල් ගෙවා තාවකාලික බදු ගිවිසුම් වලට එළඹීමේ අවස්ථාවත්, බදු ඔප්පු සහිතව වුවත් බදු නොගෙවා සිටින පිරිසට නියමිත බදු මුදල් ගෙවීම් සඳහා සහනදායී වැඩපිළිවෙළක් සහ  මාස තුනක සහන කාලයක් ලබාදීමටත් මේ යටතේ අප පියවර ගන්නා බව ද ඒ මහතා සඳහන් කළේය.

 

ජංගම සේවා වැඩසටහනෙන් අනතුරුව හික්කඩුව දුම්රිය පොල ආශ්‍රිතව නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අමාත්‍යවරයා එහි තත්ත්වය පිළිබඳව ද සොයා බැලිය.