Friday, July 17, 2026
Follow Us
පොලිස් නිලධාරීන් 26ක් පොලිස් අධිකාරී නිලයට 

හදිසි රාජකාරි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් විවිධ පොලිස් කොට්ඨාසයන්හි පොලිස් අධිකාරී නිලයේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර තිබේ. 

පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම් සිදු කර ඇත. 

පොලිස් මූලස්ථානය සඳහන් කර තිබෙන්නේ  මෙම පත්කිරීම් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සිදුකළ බවයි.