Friday, November 08, 2024
Follow Us
 ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවක් ජනපතිට
 
පූර්වගාමී කොමිෂන් සභා සහ කමිටුවල සොයා ගැනීම් විමර්ශනය කිරීම සඳහා වන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ කෙටුම්පත් කරන ලද නිර්දේශයන්හි සාරාංශයක් එහි සභාපති ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් අද (06) කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට බාර දුන්නේය.

 පශ්චාත් අර්බුද ගැටලු විසඳීම සඳහා ජනතාව සහ වින්දිතයන් කේන්ද්ර කරගත් උපාය මාර්ගයක අවශ්යතාවය සහ ඉදිරි ගමන පිළිබඳව නිර්දේශ 27ක් පමණ මෙම සාරාංශයට ඇතුළත් වේ.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා ප්රතිසන්ධාන පිළිබඳ කාර්යාලයේ ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමේ අවශ්යතාවය අවධාරණය කරමින් මෙම නිර්දේශවල සාරාංශය අවසන් වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාවේදී ශ්රී ලංකාවේ සත්ය හා ප්රතිසන්ධාන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතය.
ආයතනික ප්රතිසංස්කරණ , ජාත්යන්තර මානව හිමිකම් නීතිය සහ ජාත්යන්තර නීතිය උල්ලංඝනය කිරීම් ශුන්ය කිරීමේ ප්රතිපත්තියක් ප්රකාශ කිරීම මගින් පුනරාවර්තනය නොවන බවට සහතිකය ලබා ගත යුතු බව කොමිසමේ නිර්දේශයන්හි සඳහන් කර ඇත.
The President gave a summary of the recommendations drafted in the final report of the Presidential Investigation Commission Council to investigate the findings of pre-commission councils and committees.
A summary of the recommendations drafted in the final report of the Presidential Investigation Commission to investigate the findings of the predecessor commission and committees by its Chairman Supreme Court Justice A. H. M. D. Mr. Nawaz handed over the fort to Mr. Ranil Wickramasinghe today (06) at the Presidential House.
The summary contains about 27 recommendations on the need for a people and victims centered strategy to solve post-crisis issues and the journey ahead.
The summary of the recommendations is set to be directed to the Sri Lanka's Truth and Reconciliation Commission at the time of submission of the final report emphasizing the need to strengthen the corporate capacity of the Office of the Disappeared, the Office of the Compensation and the Office of the National Reconciliation and Reconciliation.
The commission recommendations stated that corporate reforms, international human rights law, and a policy of zeroing violations of international law, the commission's recommendations should be obtained.