පාසල් ඉල්ලුම්පත් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා ඡායාරූපවල වලංගු කාලසීමාව සහ දඩ මුදල් අය කිරීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.
ඒ අනුව වයස අවුරුදු 15ට එළඹෙන දින සිට එක් අවුරුද්දක් ඇතුළත ඉල්ලුම් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් දඩ මුදල් අය කිරීමේ කාලසීමාව 2023 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබේ.
මෙම සහන කාලය අදාළ වන්නේ පාසල් හා පිරිවෙන්හි විදුහල්පතිවරුන් හා පිරිවේණාධිපතිවරුන් විසින් සහතික කළ ඉල්ලුම්පත්වලට පමණක් බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.