Thursday, April 25, 2024
Follow Us
රජය පාසල් පෝෂණ වැඩසටහනේ හිඟ මුදල් ගෙවයි

පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ 2022 නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලට අදාළ ව පළාත් මට්ටමින් ආහාර සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ව තිබූ මුළු මුදල රුපියල් බිලියන 2.4ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

පළාත් පදනමින්,   පළාත       මුදල රු.  

1. බස්නාහිර පළාත - 399,418,020.00 

2. මධ්‍යම පළාත - 269,900,000.00 

3. නැගෙනහිර පළාත - 350,000,000.00   

4. උතුරු මැද පළාත         - 256,000,000.00 

5. වයඹ පළාත - 221,000,000.00 

6. උතුරු පළාත - 164,050,718.00  

7. සබරගමුව පළාත - 182,993,773.00  

8. දකුණු පළාත - 335,356,317.00 

9. ඌව පළාත - 225,470,000.00  යන මේ සියලු පළාත්වලට අදාළ ගෙවීමට ඇති මුදල් 2023.01.31 දින වන විට පළාත් ගිණුම්වලට බැර කර ඇත. ආහාර සැපයුම්කරුවන්ට කලාප අධ්‍යාපන කාර්යාල හරහා ගෙවීම් මේ වනවිටත් සිදු වෙමින් පවතින බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.