Thursday, April 25, 2024
Follow Us
විශාලතම කාබනික කැට පොහොර නිෂ්පාදන කර්මාන්ත ශාලාව විවෘත වෙයි

මෙතෙක් ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාව අද (30) පන්නල, එලිබ්ච්චිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.

කොරියානු ජනරජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම විසින් 100% පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාව මගින් සිදු කරයි.

මෙම කර්මාන්ත ශාලාව මුළුමනින්ම අධිතාක්ෂණික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණය පවා යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1,800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.

ඩොලර් මිලියන 05ක් වැනි මුදලක් ආයෝජනය කරමින් මෙම කර්මාන්තශාලාව මෙරට පිහිටුවීමට කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරිණි.