Saturday, July 18, 2026
Follow Us
State

මහජනයාගේ අයිතිවාසිකම් මෙන්ම රටේ අයිතිවාසිකම්ද ආරක්ෂා කර ගනිමින් රට මුහුණදී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ ගමන් මඟ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

State

ඉහළ පොලී අනුපාත හේතුවෙන් බැංකු පද්ධතිය අවධානමක පවතින බව ලංකා බැංකු සේවක සංගමය පවසනවා. එහි ලේකම් ධනංජය සිරිවර්ධන පැවසුවේ උකස් තබන රන් භාණ්ඩ සින්න වීමට ඉඩ හැරීමේ තත්ත්වයන් ද මේ වන විට වැඩි වශයෙන් වාර්තා වන බවයි.

State

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) විසින් අද (17) දින පැය 02 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.

State

රජයේ නව බදු ප්‍රතිපත්ති හේතුවෙන් ආබාධ සහිතවූවන් භාවිත කරන උපකරණවල මිල ගණන් ඉහළ යන බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

State

අද (18) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

State

උසස්පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව යන විභාග ඇගයීම් සහ රාජකාරි දීමනා සියයට හැටකින් ඉහළ නැංවීමේ යෝජනාවක් විභාග දෙපාර්තමේන්තුව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

State

එළඹෙන වසරේ ගෝලීය ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බවට ලෝක ආහාර වැඩසහන සඳහන් කළ ද ඊට මුහුණදීමට ශ්‍රී ලංකාව සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

State

පාන් මිල සංශෝධනය කෙරේ

State

ලබන 17 වැනිදා සිට 19 වැනිදා දක්වා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර දී තිබෙනවා.

State

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

State

එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

State

කුසගින්නට පක්ෂ, පාට බේදයක් නොමැති බවත්, ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර හිඟයට රටක් ලෙස ශක්තිමත්ව මුහුණදීම සඳහා ආහාර සුරක්ෂිතතා වැඩසටහන සාර්ථක කරගැනීමට සියලුදෙනා එක්විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

දෙසැම්බර් මාසයේ දින දෙකක් පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

State

මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස් දී තිබේ.

State

විදුලිබල ක්ෂේත්‍රයේ සිදුකිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යෝජනා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනුකමිටුවේදී සාකච්ඡා කර තිබෙනවා.

State

2021 අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වූ සිසුන්ට විශේෂ දැනුම්දීමක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදුකර තිබේ.

State

ලක්ෂ පහළොවකට ආසන්නව සිටින රාජ්‍ය සේවකයන් ලක්ෂ දොළහක් දක්වා අඩු කරන්නේ නම් රාජ්‍ය සේවය ඉතාම පහසුවෙන් පවත්වාගෙන යා හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ පැවැසීය.

State

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.