නූතන ලෝකයට ගැළපෙන අන්දමින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය විධිමත් කිරීමට පියවර රැසක් ගනිමින් සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
ඒ මහා මේ බව ප්‍රකාශ කළේ රජරට විශ්වවිද්‍යාලයේ දුරස්ථා හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (20) එක්වෙමිනි.
අනුරාධපුර, දෙවන පියවර සර්වෝදය මධ්‍යස්ථානය අසල ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 200 කි. මෙම ඉදිකිරිම් සඳඳහා රජරට විශ්වවිද්‍යාලට මෙම ඉඩම් පරිත්‍යාග කර ඇත්තේ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ්.ටී. ආරියරත්න මහතා විසිනි.
මේ වන විට රජරට විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන මධ්‍යස්ථානය මගින් වාර්ෂිකව සිසුන් 4000 කට පමණ අධ්‍යපනික පරිසරයක් සකස්කර දී තිබේ. එහි උපාධි පාඨමාලාවන් , ඩිප්ලෝමා පාඨමාලාවන් සහ සහතික පත්‍ර පාඨමාලාවන් වශයෙන් සමස්තත පාඨමාලා 11 ක් ක්‍රියාත්මක වේ.
විවෘත කළ නව ගොඩනැගිල්ල තුළළ ඉදිරියේ දී බාහිර පාඨමාලාවන් රැසක් ආරම්භ කිරීමට නියමිතයි.
ගොඩනැගිල්ල විවෘති කිරීරීමේ අවස්ථාවට වැඩම කළ රජරට විශ්වවිද්‍යාලයේ කුලපති , රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය ඊතල්වැටුණු වැවේ ඥානතිලක නායක හිමිපාණන් වහන්සේ අනුශාසනා කරමින් කියා සිටියේ පුද්ගලයකුගේ සාර්ථක ගමනාන්තයක් උදෙසා සිදුකරන අධ්‍යපනික කටයුත්තේ දී රජරට විශ්වවිද්‍යාලය මේ වන විට සාර්ථක ඉදිරි ගමනක් පැමිණ සිටින බවයි.