Monday, December 02, 2024
Follow Us
New proposals from COPA to make the work of the Inland Revenue Department more efficient

Two sub-committees to make the Revenue Administration Management Information System (RAMIS) efficient

Several new proposals were proposed by the Committee on Public Accounts to make the work of the Inland Revenue Department more efficient. These proposals were proposed for the proper implementation of the Revenue Administration Management Information System (RAMIS), which is a major computer system established for tax revenue collection in the Inland Revenue Department.

The above was discussed when the Committee on Public Accounts met in Parliament yesterday (24) under the chairmanship of Member of Parliament Hon. Kabir Hashim.

The COPA pointed out that the Inland Revenue Department under the Ministry of Finance had started the software system called RAMIS in 2014 to increase the efficiency of its tax revenue collection by investing about 10 billion rupees and information has been received that it is not functioning properly.

The Chairman said that he believes that more money has already been spent to strengthen this system and emphasized that it is necessary to find out whether spending money further for this purpose is effective.

The Auditor General mentioned that the Inland Revenue Department does not provide him with information about the service agreement and relevant payment details related to the above system. He further pointed out that the Inland Revenue Department refuses to provide particular information to the Auditor General according to the agreement, and that it is against the constitution.

The Inland Revenue officials stated that there is a need of updating this software system started in 2014 with the new Inland Revenue Act brought in 2017. They further pointed out that there is a problem in giving out the contractual information, according to the agreement with the Singaporean company that created the above software system. Also, because of this agreement is an agreement between two governments, the intervention of the government will be appropriate for its future activities, the officials of IRD said.

Thus, since there are issues in many aspects of the RAMIS system, including procurement, the COPA proposed to form two sub-committees to investigate the possibility of bringing this system to the operational level in a manner suitable for the country.

It is expected that the committee to be established jointly by the Attorney General's Department under the leadership of the Secretary of the Ministry of Finance will examine the legal conditions related to the RAMIS Agreement.

The committee to be established jointly with The University of Moratuwa, the Sri Lanka Information and Communication Technology Agency (ICTA), the Inland Revenue Department, and the Ministry of Finance to look into the possibility of updating the software system.

It was also agreed to submit the reports containing the conclusions on the relevant matters to the COPA within 06 weeks.

State Minister Hon. Prasanna Ranaweera, Members of Parliament Hon. (Dr.) Sarath Weerasekera, Hon. (Dr.) Sudarshanee Fernandopulle, Hon. J.C. Alavathuwala, Hon. Vadivel Suresh, Hon. D. Weerasinghe, Hon. Sahan Pradeep Withana, Hon. (Dr.) Harini Amarasuriya and group of officials representing related institutions also participated.

 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා

? ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය හෙවත් රැමිස් (RAMIS) පද්ධතිය කාර්යක්ෂම කිරීම සඳහා අනු කමිටු දෙකක්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා කෝපා කමිටුවෙන් නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කරනු ලැබිණි. එහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු ආදායම් අයකරගැනීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන පරිගණක පද්ධතියක් වන ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනා ඉදිරිපත් කෙරිණි.

මෙම යෝජනා ඉදිරිපත් වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය බදු ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා 2014 වසරේදී ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) නම් මෘදුකාංග පද්ධතිය ආරම්භ කොට ඒ සඳහා රුපියල් බිලියන 10ක පමණ ආයෝජනයක් කොට ඇති නමුත් එය මේවන විට නිසි තත්ත්වයෙන් ක්‍රියාත්මක නොවන බවට ‍තොරතුරු ලැබී ඇති බවයි.  

උක්ත පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් විශාල මුදලක් මේ වන විට වැයකොට ඇතැයි තමන් විශ්වාස කරන බව පැවසූ සභාපතිවරයා අවධාරණය කළේ තව දුරටත් මේ වෙනුවෙන් මුදල් වියදම් කිරීම ප්‍රතිඵලදායකද යන්න සොයාබැලීම අත්‍යාවශ්‍ය වන බවයි.

මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේ උක්ත පද්ධතිය සම්බන්ධයෙන් වන සේවා ගිවිසුම සහ ඊට අදාළ මුදල් ගෙවීම් පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තමාට ලබා නොදෙන බවයි. විශේෂයෙන්ම ගිවිසුම ප්‍රකාරව තමාට එම තොරතුරු ලබා දීමට නොහැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසන බවත්  එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කටුයුත්තක් බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මෙහිදී දේශීය ආදායම් නිලධාරීන් පෙන්වා දුන්නේ 2014දී ආරම්භ කළ මෙම මෘදුකාංග පද්ධතිය 2017දී ගෙන එන ලද නව දේශීය ආදායම් පනත සමග යාවාත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇති බවයි. එමෙන්ම ඔවුන් තවදුරටත් පෙන්වා දුන්නේ ‍උක්ත මෘදුකාංග පද්ධතිය නිර්මාණය කරන ලද සිංගප්පූරු සමාගම සමග එළඹ ඇති ගිවිසුමට අනුව ගිවිසුම් තොරතුරු පිටතට ලබා දීමේ ගැටළුවක් ඇති බවයි. එමෙන්ම මෙම ගිවිසුම රජයන් දෙකක් අතර ඇති කරගත් ගිවිසුමක් නිසා එහි ඉදිරි කටයුතු සඳහා රජයේ මැදිහත්වීම යෝග්‍ය වනු ඇති බවයි.

මේ අනුව මෙම RAMIS පද්ධතිය පිළිබඳ ප්‍රසම්පාදනය ඇතුළු අංශ ගණනාවක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයන් පෙනීයන හෙයින් මෙම පද්ධතිය රටට ගැලපෙන ආකාරයෙන් ක්‍රියාකාරී මට්ටමට පත් කිරීමේ හැකියාව විමර්ශනය කොට නිගමන ඉදිරිපත් කිරීම සඳහා  කෝපා කමිටුව විසින් අනු කමිටු දෙකක් පිහිටුවීමට යෝජනා කරන ලදී.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් නීතිපති දෙපාර්තමේන්තුව එක්ව පිහිටුවීමට නියමිත කමිටුව මගින් රැමිස් (RAMIS) ගිවිසුමට අදාළ නීතිමය තත්ත්වයන් විමසා බැලීම අපේක්ෂා කෙරේ.

මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), දේශීය ආදායම් දෙපාර්තමේන්තුව  සහ මුදල් අමාත්‍යාංශය එක්ව පිහිටුවනු ලබන කමිටුව මගින් උක්ත මෘදුකාංග පද්ධතිය යාවත්කාලීන කිරීමේ හැකියාව පිළිබඳ සොයා බැලීමට නියමිතය.

අදාළ කරුණු පිළිබඳ නිගමන ඇතුළත් වාර්තා සති 06ක් ඇතුළත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කිරීමටද මෙහිදී එකඟතාවය පලවිය.

මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍ය  ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන (ආචාර්ය)  සරත් වීරසේකර, (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ගරු ජේ. සී. අලවතුවල,  වඩිවේල් සුරේෂ්,  ඩී.වීරසිංහ, ගරු සහන් ප්‍රදීප් විතාන, (ආචාර්ය)  හරිණි අමරසූරිය සහ අදාළ ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.