Saturday, April 19, 2025
Follow Us
විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපළේ දී මාට්ටු

දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධි ලෙස මෙරටට ආනයනය කර කටුනායක ගුවන්තොටුපොළින් පිටත් කරගෙන යමින් සිටි ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු විසින් රැගෙන ආ දුම්වැටි 35,800ක් අඩංගු දුම්වැටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්හාංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇත.

මෙම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න බවද සඳහන් වේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කටුනායක ගුවන්තොටුපළ ඒකකය වැඩිදුරට විමර්ශන සිදු කරනු ලබයි.