Tuesday, March 11, 2025
Follow Us
අලුතින් සොයාගත් ග්‍රහකයක් පෘථිවියේ ගැටීමේ අවදානමක්

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෑතකදී සොයා ගන්නා ලද ග්‍රහකයක් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අතර එය පෘථිවියට බලපෑම් කිරීමට කුඩා අවස්ථාවක් ඇතැයි සදහන් කෙරේ.

2024 YR4 ලෙස නම් කර ඇති මෙම ග්‍රහකය 2032 දෙසැම්බර් 22 වැනිදා පෘථිවියේ ගැටීමේ සුළු ඉඩ කඩක් ඇති බවට යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා ආයතනය සොයාගෙන ඇත.

අදාළ ගැටීමට 1.2% ක සම්භාවිතාවක් ඇති බව සදහන් වේ.

ඒ අනුව අදාළ අභ්‍යවකාශ පාෂාණය, පෘථිවිය ආසන්නයෙන් ආරක්ෂිතව ගමන් කිරීමට 99% කට ආසන්න අවස්ථාවක් ඇති බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

කෙසේ නමුත් මෙම ග්‍රහකයේ නිරීක්ෂණ විද්‍යාඥයින් දිගින් දිගටම සිදු කරනු ලැබේ.

මෙම ග්‍රහකය අඩි 131 ත් 328 ත් (මීටර් 40 ත් 100 ත්) අතර පළලක් ඇති බවට ගණන් බලා ඇත. කෙසේ වෙතත් ග්‍රහකයේ සැබෑ ප්‍රමාණය තවමත් අවිනිශ්චිත බව ද සදහන් වේ. මෙම ප්‍රමාණයේ ග්‍රහක වසර දහස් ගණනකට වරක් පෘථිවියට බලපාන බව ද යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සි සදහන් කර ඇත.

 

Dinamina