Friday, April 26, 2024
Follow Us
හම්බන්තොටට විදුලි ගබඩා පද්ධතියක්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම්වලදී හා විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවන්හිදී අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීම පිණිස විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයෙ තීරණය කර ඇත.

 

ඒ සඳහා කැබිනට් අනුමැති ද ලැබී තිබෙන අතර අදාළ පාර්ශවයන් අතර ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි.

කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 05ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් වන බලශක්ති ගබඩා කිරීම් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11.9ක් පමණ) ලබා දීමට කොරියානු රජයේ එකඟතාව පළ කර ඇත.