Friday, April 26, 2024
Follow Us
කිසිම රාජ්‍ය ආයතනයක් වසා දාන්න තීරණ කරලා නැහැ- අගමැති

කිසිම ආයතනයක් වැසීමට තීරණය කර නොමැති බවත්  ආයෝජනයක් කරනවාද නැතිනම් කළමනාකාරීත්වයකට භාර දෙනවාද යන ක්‍රම පිළිබඳ සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

 

රටේ වත්මන් ආර්ථික, සමාජීය තත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අද (30) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා  මේ බව සඳහන් කළේය.

වෘත්තීය සමිතිවල අදහස් ගැඹුරින් සාකච්ඡා කර ඉදිරියට ගෙන යා හැකි වැඩපිළිවෙළකට   සියලු දෙනා එකඟතාවය පළ කළ බවත්  ඒ අනුව මෙදින සාකච්ඡාවට පිවිසීමට තාවකාලික අනුකමිටුවක් ඇති කළ බවත් ඒ් මහතා පෙන්වා දුන්නේය.

 වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

 “මේ වෙලාවේ අපි කටයුතු කලයුතු දළ එකඟතාවයන් කිහිපයක් තිබෙනවා. ත්‍රයිපාක්ෂික එකඟතාවයකට පිවිසීමේදී වෘත්තිය සමිති ඒවාගේම රාජ්‍ය දෙපාර්තමේන්තු  සහ පෞද්ගලික අංශයත් ඒ වගේම රාජ්‍යයත් නියෝජනය කිරීම ඉතාවැදගත්. මේ අනුව වර්තමාන ආර්ථික ගැටලු වගේම රජය මුහුණ දී ඇති ගැටලුත් විසඳීම සඳහා වූ ගමනකට අපි එකඟතාවය ප්‍රකාශ කළා.

එසේ අන්‍යෝන්‍ය විශ්වාසයෙන් වැඩකළ හැකි නම් ඒ වැඩ කළ හැකි කාලසටහන හෝ වැඩසටහන තමයි අප සාකච්ඡා කිරීම වැදගත් වෙන්නේ. ඊට අවශ්‍ය මූලික කරුණු රාශියකට උදව් වීමට  භාණ්ඩාගාරයේ අදහස් ලබා ගන්න පුළුවන්.  

ආර්ථිකය ගමන් කළ යුතුයි. ක්‍රියාකාරී විය යුතුයි. එහි දී පෞද්ගලික අංශයටත්  විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා.   පෞද්ගලික අංශය තවම අපි කැඳවලා නැහැ. ඔබතුමාලගේ එකඟතාවයෙන් ඊළඟ රැස්වීමට කැඳවන්න පුළුවන්. ඒ අයත් බොහොම ඕනෑකමින් බලාපොරොත්තුවෙන් ඉන්නවා ජාතික එකගතාවයකට සමාජ ගිවිසුමකට එකඟතාවයකට එන්න.අමාරුකම් පීඩනයන් දුෂ්කරතාවයන් තිබෙන බව ජනාධිපතිතුමත් රජයත් අපි පිළිගන්නවා.”