Thursday, February 12, 2026
Follow Us
State

දිගුකාලීන රාජත්‍රාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය ගුවන් හමුදාව විසින් ප්‍රදානයක් ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඊයේ(04) සිදු  කෙරිණි.

State

ඉසුරුමත් ශ්‍රී ලංකාවක් නැවත ගොඩනැගීම සඳහා බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව සහයෝගයෙන් සහ එකමුතුකමින් පෙළ ගැසෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලුදෙනාගෙන් ඉල්ලා සිටි. වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබේ.

State

මඟ නැඟුම යටතේ ඇති සියලුම සමාගම් 4ක් විසුරුවා හැරීමට තීරණය කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

මෙරටට විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය සහය ලබා දීමට පැමිණ සිටින ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශක සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායමක් සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි.

State

ශ්‍රී ලංකාවේ දස වසරක ජාතික පෝෂණ ප්‍රතිපත්තිය (2021 -2030) එළිදැක්වීම අද (03) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

State
රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට  ලැබී තිබේ.
State

දිස්ත්‍රික්ක කිහිපයක බලපා ඇති වර්ෂා තත්ත්වය ඉදිරි දිනවලත් පැවතිය හැකි බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකක පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක බවත් ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

State

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

State

පවතින වැසි සහිත කාලගුණය සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුවී තිබේ.

State

වසර හතරක පමණ කාලයක් විවිධ සමාජීය හේතුන් මත වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නොහැකි වූ බවත් එනිසා වෙසක් මහෝත්සවය පිළිබඳ මතකය බාලපරපුරෙන් ගිලිහී ගිය බවත් මෙවර ජාතික වෙසක් මහෝත්සවය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමෙන් බාලපරම්පරාවේ විශාල මානසික පෙරළියක් ඇතිකිරීමට හේතු වන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හලාවත කැබැල්ලෑවල රතනසිරි පිරිවෙන් විහාරස්ථානයේ පැවති ජාතික වෙසක් මහෝත්සවය අමතමින් පැවසීය.

State

In a bid to create a business-friendly environment in the country, the Presidential Secretariat has organized 54 institutions that provide investor facilitation services under seven Task Forces on the directives of President Ranil Wickremesinghe. The aim is to simplify the processes involved, reduce the time taken, and make information readily available to increase efficiency.

State

ග්‍රාම නිලධාරී සේවය ආරම්භ කර අදට වසර 60ක් සපිරේ.

State

වෙසක් පොහෝ දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිරකරුවන් හට විශේෂ සමාවක් පිරිනමා තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිත බවය. 

ඒ අනුව අපරාධමය වැරදි නොවන පිරිමි සිරකරුවන් 982 ක් සහ ගැහැණු සිරකාරියන් 06ක් ද ඇතුලුව පුද්ගලයින් 988 දෙනෙකු දිවයිනේ සෑම බන්ධනාගාරයක් ම ආවරණය වන පරිදි නිදහස් වීමට නියමිතව ඇත.

ඊට අමතරව පොහෝ දිනය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ද ලබා දී තිබේ.

Aruna

State

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

State

කෘතිම බුද්ධිය (Artificial Intelligence) භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් නම් කර ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙසත්, ඒ පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් කඩිනමින් සකස් කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තාක්ෂණ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

State

වෙසක් සතිය වෙනුවෙන් දිවයින පුරා පැවැත්වෙන සියලු වෙසක් කලාප ආවරණය වන පරිදි සහ විශේෂ පුජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද සිට ක්‍රියාත්මක කිරීමට ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර ගෙන තිබේ.

මෙම වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ .

මේ අතර වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැළසුම් කර තිබේ.

ඊට සමගාමීව විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක කර තිබේ.

State

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීමට රජය තීරණය කර තිබේ.

State

මාස දෙකක් තුළ අනුරාධපුර සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය ගමන් යළි ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.