Wednesday, August 27, 2025
Follow Us
State

මාර්තු පළමුවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State
ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්යය ව්යසනයන්හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
State

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිල දී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරනු ලබන අවස්ථාවල දී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිල දී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ.

State
වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයට අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
State

ඉන්දියාවේ ආනයනය කරන බිත්තර මිලියන 2ක් රැගත් නෞකාවක් අද (25) දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වෙයි.

State

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ ජාතික උත්සවය හෙට (23) පැවැත්වෙන බව අධ්‍යපාන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

 QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම (2023-2042) සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 දක්වා ඉන්ධන ආනයනය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි .

State
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.
State

මෙම වසරේ දී පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම ව්‍යාප්ත කරවීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සමඟ එහි අවසන් වාර්තාව පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (21) සාකච්ඡා කර ඇත.

State

විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන් සමග සහ පාලන අධිකාරිය සමග හමුවක් පැවැත්විණි.

State

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් තේරීපත් වූ විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව අද (23) ප්‍රථම වරට රැස්විය.

State

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් රජය තීරණය කර තිබේ.

State

රට තුළ පවතින පවතින අර්බුදය හමුවේ ඒ සඳහා විසඳුම් ලබාදීමට නම් උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මගින් ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

State

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදාහැරීම අද (23) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී පැවත්වීණ.

State

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.