Wednesday, August 27, 2025
Follow Us
State

ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

State
මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කල  ඉන්ධන බෙදාහැරීමේ නිළ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong  මහතා  සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ත්‍රිකුණාමලය කුච්චවේලි ඉන්ධන පිරිවුම්හලේදී පැවැත්විණි.
State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

State

අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර  - මහියංගනය 18 වංගුව මාර්ගය ඊයේ (03/04) දින සිට තාවකාලිකව වසා දැමීමට පොලීසිය විසින් පියවර ගන්නා ලදි.

State

පවතින ඉන්ධන අර්බුදය සහ මූල්‍ය ගැටළුවලට විසඳුමක්‌ ලෙස විදුලියෙන් ධාවනය වන පරිසර හිතකාමී රථවාහන මෙරට ධාවනයට එක් කිරීම ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කෙරිණි.

State

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි.

State

උමා ඔයෙන් ව්‍යාපෘතිය යටතේ කරදගොල්ලේ ඉදිවන මෙගාවොට් 120 ක භුගත ජල විදුලි බලාගාරයේ කටයුතුද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය එළඹෙන ජූනි මාසයේදී පමණ විවෘත කිරීමේ හැකියාව පවතී.

State
ත්රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විෂයභාර අමාත්යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
State

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (28) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග පැවැත්විණි.

State

කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්ත්වය හා පවතින ගැටලු පිළිබඳව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

State

බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා අන්තර් ග්‍රහණය කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

State

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State

දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති කරන්දෙනිය කර්මාන්ත පුරයේ කර්මාන්තකරුවන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කර්මාන්ත හා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කර තිබේ.

State

ප්‍රතිසංස්කරණයට ලක් නොකළ අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ පුනරුථාපනයට රු. මිලියන 300ක් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්ක 4ක විශේෂිත රෝහල් හා  නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

State

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සමග පසුගියදා පැවැත්විණි.

State

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

State

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.