ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටකය ස්ථාපිත කිරීම සඳහා ආධාරක සාක්ෂි සහිතව එහි පිටත සීමාවන් හඳුනාගැනීමේ අරමුණින් යුතුව එකී ජාතික සාගර කටයුතු කමිටුව ප්‍රතිසංවිධානය කිරීම සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීම් කැඳවීමට රජය තීරණය කර තිබේ.
පසුගියදා රැස් වූ කැබිනට් සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙන අතර සාගර නීතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ නාවික සැතපුම් 200ක සුවිශේෂී ආර්ථික කලාපයෙන් ඔබ්බට පිහිටි මහාද්වීපික තටකයේ පිටත සීමාවන් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව 2009 වර්ෂයේදී සිය තාක්ෂණික හා විද්‍යාත්මක දත්ත සහ අනෙකුත් තොරතුරු එක්සත් ජාතීන්ගේ මහාද්වීපික තටකයේ සීමාවන් පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඒ අනුව, එම කොමිෂන් සභාව විසින් ශ්‍රී ලංකාවේ හිමිකම් සලකා බැලීම සඳහා උප කොමිෂන් සභාවක් පත් කරනු ලැබ තිබේ. ශ්‍රී ලංකාව විසින් හිමිකම් ප්‍රකාශ කරනු ලබන මහාද්වීපික තටකයේ සීමාවන් හඳුනාගැනීම සඳහා මෙම උප කොමිෂන් සභාව සමඟ කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ ජාතික සාගර කටයුතු කමිටුව පත් කරනු ලැබ ඇත.
පසුගිය මාස 13 තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන අලෙවිය පහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පසුගිය දිනවල උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයන් සහ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් වාර්තාවන් පිළිබඳවත්, දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැඳවා තිබුණි.
රජය වී ගොවීන්ට ලබා දුන් කාබනික පොහොර සහනාධාරය තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
2023 යල කන්නයේ වී හා වෙනත් අතිරේක බෝග වගාව සඳහා වාරිමාර්ග, මහවැලි හා සුළු වාරිමාර්ග යටතේ ජලය නිකුත් කිරීම මාර්තු මස 20 දින සිට අප්‍රේල් මස 20 දින දක්වා හැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වසර සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.
අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියකම ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කෝටාව සතිපතා අලුත්වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය මඟින් සිදු කෙරෙන කැලණිවැලි දුම්රිය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ දුම්රිය රක්ෂිතය තුළ පදිංචි අනවසර පදිංචිකරුවන් අතරින්, ව්‍යාපෘති හේතුවෙන් බලපෑමට ලක්වන පිරිස් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් නව නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ මලිගාවත්ත "ලක් හිරු සෙවන" සහ "සියපත් සෙවන" මහල් නිවාස සංකීර්ණයන්හී නිවාස හිමිවන 150 දෙනකු සඳහා හිමිකම් ප්‍රදානය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
වගා කන්න 03කට පසුව වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඬ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 කොළඹ වරායට පැමිණීමට නියමිතය.
වී වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් මෙම පොහොර භාවිතය මගින් ලබා ගත හැකි වන අතර එම ඛනිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයක් තුළ හිඟවීම නිසා වී වගාවේ නියමිත අස්වනු ලබා ගැනීමට පවා නොහැකි විය. එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොයම් කහ වීමේ රෝගයට පවා පොස්පරස් හා පොටෑසියම් ඌනතාවය බලපාන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
2021 මහ කන්නයට පෙර හෙක්ටෙයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 4.1ක් වැනි අස්වනු ප්‍රමාණයක් ලබා ගත්ත ද පොස්පරස් හා පොටෑසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය සහිත පොහොර ගොවීන්ට නොලැබීම නිසා හෙක්ටෙයාර් එකකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2- 2.5 දක්වා පහත වැටිනි.
මේ නිසා මෙම මස 17 දින මෙරටට ලැබෙන මඬ පොහොර වගාවට අවශ්‍ය සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
යල කන්නයේ වී වගා කළත් නොකළත් එහෙත් 2022/23 මහ කන්නයේ වී වගා කළ ලක්ෂ 12ක් පමණ වන සියලු ගොවීන්ට මෙම මඬ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඬ පොහොර තොගය ලබා දී තිබේ.
වී වගා කන්න 03කට පසු වී වගාවට අවශ්‍ය සියලු රසායනික පොහොර මෙවර යල කන්නයේ දී ගොවීන්ට ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මඬ පොහොර (TSP) , බන්ඩි පොහොර ( MOP) හා යුරියා පොහොර ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සළසා තිබේ.
බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ක මුදලකට ලබා දුන්න ද මෙවර යල කන්නයේ දී එම පොහොර පැවැති මිලට වඩා සැළකිය යුතු මුදලකින් පහත දැමීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.
කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (07) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මෙරට ලියාපදිංචි වී ඇති කලින්කලට අලුත් කළ යුතු නැති රිය බලපත්‍ර ලක්ෂ 20ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
චීන රජය මගීන් 2023 පාසල් වර්ෂය සඳහා මෙරටට ලබා දිමට තිබු නිල ඇඳුම්වල අවසන් තොගය ඊයේ (08) නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට භාර දී තිබේ.
ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් ප්රසාදය පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්යන්තර මූල්ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පැවසීය.
මෙරට රෝහල්වලට අවශ්‍යව තිබූ ඖෂධ වර්ග 151න් ඖෂධ 83ක් පෙරේදා දිනය වන විට ලබා ගැනීමට හැකියාව ලැබුණ බවත්, ඉදිරි සති දෙක තුන තුළ තවත් ඖෂධ වර්ග රැසක් ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.
Page 72 of 628