Thursday, February 12, 2026
Follow Us
අස්වැසුම ගැටලු අගමැතිගේ අවධානයට

අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.


රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.