Wednesday, August 27, 2025
Follow Us
State

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2023 ජනවාරි මාසයට අදාළ පෝෂණ මුදල් වශයෙන් රුපියල් මිලියන 814 ඉක්මවූ අත්තිකාරම් මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට මුදා හැර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුව මගින් සැලසුම් කර දීපව්‍යාප්ත මධ්‍යස්ථාන 341ක දී ලබන මාර්තු 25 දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

State

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

State

වගා කන්න 03කට පසු පළමු වතාවට මෙරට ගොවිජනතාවට වී වගාවට අවශ්‍ය මඩ පොහොර හෙවත් TSP පොහොර රැගත් MV INCE PACIFIC නෞකාව අද (16) දින පාන්දර කොළඹ වරායට පැමිණ තිබේ.

State

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි අනෙකුත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

State
සියලු තරග පරාජය වෙමින් තිබු අවස්ථාවක අවසානයේ ජයග්රහණය අත් කර ගැනීමට කොළඹ රාජකීය විද්යාලයේ ක්රිකට් කණ්ඩායමේ නිවැරදි නායකත්වය හේතු වූ බවත්, තමාගේ ද උත්සාහය වන්නේ රාජකීය විද්යාලයේ ක්රිකට් කණ්ඩායමේ නායකයා මෙන් පරාජය වූ රට ජයග්රහණයේ මාවතට ඔසවා තැබීම බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
State

2022 වර්ෂයේ පැවැති තත්වය මත අනුයුක්ත කරන ලද ගුරු සේවයේ ගුරුවරුන් සඳහා ගුරු මාරු මණ්ඩලය මඟින් ලබා දෙන ස්ථාන මාරු ක්‍රියාත්මක වන බැවින්, මාර්තු මස 24න් පසු අනුයුක්ත තවදුරටත් දීර්ඝ කිරීම සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි.

State

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

State
 
මහනුවර මහියංගනය ප්රධාන මාර්ගයේ 18 වංගුව කොටසේ දෙවන වංගුව ආශ්රිත ප්රදේශයේ සිදු වූ නායයෑම් තත්ත්වයක් හේතුවෙන් මතුව තිබෙන අවදානම් තත්ත්වය පහව යනතුරු එම මාර්ගය වසා තැබීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත.
State

මගීන්ගේ පහසුව සඳහා අද (14) උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී තහවුරු කළේය.

State

වර්තමාන තාක්‍ෂණික ලෝකයේ ඩිජිටල් මධ්‍යස්ථානයක් යනු සිසුන්ට නවීන දැනුම සොයා යාම සඳහා වූ අත්‍යාවශ්‍ය සම්පතක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

State

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මෙරටට ප්‍රදානය කළ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් හෙට (20) සිට දිවයින පුරා බෙදා හැරීම ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ නිල ද්විපාර්ශ්වික ණයහිමියන්ට සහ පැරිස් සමාජයේ ණයහිමියන්ට ලිපියක් යවා තිබේ.

State

උසස් පෙළ විභාගය සාර්ථක ව පවත්වා අවසන් කළ ද උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකින් පමා වීම නිසා සාමාන්‍යයෙන් විභාග දෙකක් අතර පැවතිය යුතු මාස තුනක පමණ කාල පරතරය අඩු වීමෙන් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පවා බොහෝ විට කල් යාමට ඉඩකඩ පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

State

උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

State

දිවයින තුළ අත්‍යවශ්‍ය සේවාවන් හරියාකාරව පවත්වා ගැනීම සඳහා සහ ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව දුම්රිය සේවාව පවත්වාගෙන යාමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය කඩිනම් පියවර ගෙන ඇත.

State

ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරන සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමග සාකච්ඡාවක් ඊයේ (12) සවස විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.