Tuesday, November 05, 2024
Follow Us
රාජ්‍ය ඇමැති දුම්බර බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක

බන්ධනාගාර රැදවුම්කරුවන් සඳහා ප්‍රමාණවත් පරිදි ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් ඒ සඳහා විකල්ප ගොඩනැගිල්ලක් ඉදි කිරීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් සකස් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සඳහා දුම්බර බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණයක නිරත වූ බව අධිකරණ හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.

එහිදී බන්ධනාගාරයේ අප ජලය පිරිපහදු කිරීමේ කටයුත්ත නිසි පරිදි නොවන බවට ප්‍රදේශ වාසීන් කරන ලද පැමිණිල්ල පිළිබඳව කරුණු සොයා බලමින් ඒ සඳහා තාවකාලික පිළියම් මෙන්ම තිරසාර විසඳුම් ලබා දීම සඳහා කටයුතු කිරීම ද මෙම නිරීක්ෂණයේ අමුණක් විය .