Tuesday, November 05, 2024
Follow Us
2023 සිට 2030 දක්වා විදුලි සම්ප්‍රේෂණ පිළිබඳ සාකච්ඡාවක්

2023 සිට 2030 දක්වා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සංවර්ධන කිරීමේ සැලසුම සම්බන්ධයෙන්වූ විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වෙයන් පැවැත්විණි.

අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය වන සම්ප්‍රේෂණ මාර්ගවල පුළුල් කිරීම් හදුනාගැනීම, ඉදිරියේදී ඇතිවන විදුලිබල ඉල්ලුම ලබාදීමට අවශ්‍ය කරන පුළුල් කිරීම් හදුනාගැනීම, දීර්ඝකාලීන විදුලිබල උත්පාදන සැලසුම වෙනුවෙන් අවශ්‍ය කරන විදුලිබල සම්බන්ධකිරීම් පුළුල් කිරීම, පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය අළුතින් ඉදිවන විදුලිබල ජාල සම්බන්ධතා මෙන්ම විදුලිබල පද්ධතියට ඇතිවන පීඩාකාරී බලපෑම් නිවාරණය වෙනුවෙන් අපවර්තකයක් ලෙස විචල්‍ය පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය සපයාගැනීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට ලක් විය.

මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 -2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලසුම, මා වෙත ඉදිරිපත් කරනු ලැබීය. රාජ්‍ය අමාත්‍යාවරුන් අමාත්‍යාංශ ලේකම් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් මේ සාකච්ඡාවට එක්විය.