විද්‍යාපීඨ කථිකාචාර්යවරුන්ගේ වැටුප් ප්‍රශ්න විසඳීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර ඒ පිළිබඳව කටයුතු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල උපකමිටුවට එම යෝජනාව ඉදිරිපත් කරන ලදුව 2024 ජනවාරි මස සිට අදාළ වැටුප් ගැටලුව විසඳීමට ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීම සඳහා කටයුතු කර ඇත.
එසේ ම විද්‍යාපීඨවල පවත්නා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ගැටලු විසඳා ගැනීමට ලෝක බැංකුවේ 'GEM' ව්‍යාපෘතිය සමඟ සාකච්ඡා කර හදිසි අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීමට ද කටයුතු කර ඇත.
ඒ් අනුව විද්‍යාපීඨ බඳවා ගැනීම් සඳහා නියමිත නව ශික්ෂණලාභීන් ලියාපදිංචි කිරීම 2023 අගෝස්තු මස 10 වැනි දින සිට ආරම්භ කිරීම පිළිබඳව පීඨාධිපතිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කර ඇත.