Tuesday, November 05, 2024
Follow Us
නැගෙනහිර බලශක්ති සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක්

නැගෙනහිර පළාතේ බලශක්ති අංශයේ සංවර්ධන සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන් මහතා සමඟ පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවුඩයක ඔහු ඒ බව සඳහන් කර තිබෙන අතර එහි දැක්වෙන්නේ නැඟෙනහිර පළාතේ ස්වභාවික සම්පත් අක්වෙරළ සහ වෙරළබඩ සුළං බලය, පුනර්ජනනීය බලශක්ති ඒකාබද්ධ කිරීමට සහ හරිත හයිඩ්‍රජන් සංවර්ධනය සඳහා ගොඩබිම සූර්ය බලශක්තිය සංවර්ධනය කිරීමට රජය සැලසුම් කරන බවයි.

ඒ සඳහා අවශ්‍ය අනුමැතිය සහ ඉඩම් හඳුනාගැනීම් සමඟින් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා තම පූර්ණ සහයෝගය ලබා දෙන බවට මෙහි දී ආණ්ඩුකාරවරයා සහතික වී තිබේ.