අතරමඟ නවතා දැමූ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයෙන් පසු දෙරට අතර මිතුදම යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීමත් සමඟ යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපානයේ අවධානය යොමුව තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර පරිසර දිනය ජුනි මස 5වැනිදාට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් දිවයින පුරා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ප්‍රභූ මගී පර්යන්තයේ අධි තාක්ෂණික ස්කෑන් පරීක්ෂණ යන්ත්‍ර සවි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.
ඇමෙරිකානු ඩොලර් මිලියන 5.2ක කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ කොරියානු සමාගම්වල ඉදිකිරිම මත සිදු කරන ජලය මත පාවෙන සුර්ය බලාගාර දෙකක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් වූ ගිවිසුම අත්සන් කිරීම සහ එහි කටයුතු ආරම්භ කිරීම අද (31) සිදු කෙරිණ.
තමන් අධ්‍යාපනය ලැබූ එදිනෙදා වටපිටාව සම්පූර්ණයෙන්ම වෙනස් වී නුහුරු පරිසරයක විභාගයට මුහුණ දීම සිසුන්ගේ මානසික නිදහසට බාධාවක් බවත්, සෑමවිටම අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාරත්මේන්තුව තම පහසුව වෙනුවට ශිෂ්‍යයන්ගේ පහසුව සහ උන්නතිය වෙනුවෙන් කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ නැවතී ඇති මහා මාර්ග සංවර්ධන ව්‍යාපෘති යළි ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාලසීමාව තුළදී බාහිර පාර්ශවයකට ඇතුල්වීම තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි .
රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිල දී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වවුචර්පත්වලින් මිල දී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කරයි.
ආයෝජකයන්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඩොලරයේ මිල අඩු වීමට සාපේක්ෂව ඉතා කඩිනමින් ඖෂධ මිල අඩු කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) එම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
2022 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අද (29) ආරම්භ වෙයි. අද සිට ජූනි 8 වන දා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී මෙම විභාග පැවැත්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ අධි අවදානම් ප්‍රදේශයන්හි හඳුනාගෙන ඇති ස්ථානවල ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් ඩෙංගු පරීක්ෂා කිරීම සහ කීට මර්දන ද්‍රව්‍ය යෙදීම ඊයේ (25) ගම්පහ නගරයේ දී ආරම්භ කෙරිණි.
ආගමික සමගියට බාධා වන ආකාරයට කටයුතු කරනු ලබන අයට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය පැවතියත් අන් අයගේ ආගම් සදහා අගෞරව කරන්න කිසිවෙකුටත් අයිතියක් නොමැති බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මුදල් වෙන් කර තිබේ.
ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
කවුරුන් විරුද්ධ උනත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තුළ ඉදිරි මාස තුන තුළ e -මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව මහාමාර්ග ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පැවසීය.
ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණය කර තිබෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
2021 වසරේ සාමාන්‍ය පෙළ සහ 05 වසර ශිෂ්‍යත්ව විභාග නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (26) පස්වරුවේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.
Page 70 of 638