කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කුරුඳු නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම ,කුරුඳු නිෂ්පාදන වල ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීම, අගය එකතු කිරීම ,නිෂ්පාදන විවිධාංගීකරණය වැනි කටයුතු සඳහා කුරුඳු වගා කරුවන් සැපයුම් කරුවන් මෙන්ම අපනයනකරුවන් වෙත අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මෙම කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පිහිටුවනු ලබයි.
මෙම නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.