පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය – 2023 උත්තර පත්‍ර පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 1 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරේ.
අයදුම්පත්‍ර මාර්ගගත ක්‍රමයට කැඳවීම පසුගිය 11 වැනිදා සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිස ‘අපගේ සේවා’ යටතේ ඇති මාර්ගගත අයදුම්පත් ‘පාසල් විභාග’ යන්න තෝරා අයදුම්පත් සම්පූර්ණ කිරීම, විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකතන යෙදවුම (Mobile application) වන DoE වෙත පිවිස මාර්ගගත අයදුම්පත් (පාසල් විභාග) තෝරා අයදුම්පත් සම්පූර්ණ කිරීම, onlineexams.gov.lk වෙත පිවිස අයදුම්පත සම්පූර්ණ කිරීම යන ක්‍රමවලින් එක් ක්‍රමයකට අයදුම්පත් සම්පූර්ණ කළ හැකිය.
නිවැරදිව සම්පූර්ණ කළ අයදුම්පත්‍ර විදුහල්පති මඟින් සැප්තැම්බර් 01 වැනිදාට පෙර මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතුය.
අයදුම්පත් සම්පූර්ණ කිරීමට පෙර Technical Instructions, Common Instructions සහ උපදෙස් වීඩියෝව නැරඹීම, නිවැරදි ආකාරයට අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වේ.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 1911, 0112785231, 0112785216, 0112784037 දුරකතන ඇමතීමෙන් ලබා ගත හැකිය.