Tuesday, November 05, 2024
Follow Us
රාජ්‍ය ආයතනවල ගෙවීම් online නියමු ව්‍යාපෘතිය ඔක්තෝම්බර් සිට

ශ්‍රී ලංකාවේ රාජ්‍යාතනවල ගෙවිම් කටයුතු අන්තර්ජාලය(Online payments ) ඔස්සේ සිදුකිරීම පිළිබඳ පද්ධතිය(System) සකස් කිරීමේ ප්‍රගතිය විමසා බැලිමේ සාකච්ඡාවක් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ පසුගියදා පැවැත්විණි.

 

රාජ්‍ය අමාත්‍යවරයා සිය නිල ෆේස්බුක් ගිණුමේ මේ බව සඳහන් කර තිබේ.

එහි මූලාරම්භය නියමු ව්‍යාපෘතියක් ලෙස තෝරාගත් රාජ්‍ය ආයතන කිහිපයක මෙම වසර ඔක්තෝබර් මස වනවිට ආරම්භ කිරීමට නියමිතය.
ඒ සඳහා අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය නේරංජන් ගුණවර්ධන මහතා, Lankapay ආයතනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය(ICTA), මහා බැංකුව සහ වාණිජ බැංකු නිලධාරීන් පිරිසක් එකව සිටියහ.