Tuesday, November 05, 2024
Follow Us
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යන වයස පිළිබඳ තීරණයක්

2024 වර්ෂය අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

එසේම විශේෂ අවස්ථාවන්හිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවශ්‍යතාවය අනුව ඒ සම්බන්ධව වැඩිදුර තීරණ ගැනීමටත් කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද අනුකමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් මත පදනම්ව ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන බව ද එම මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.