Tuesday, November 05, 2024
Follow Us
උතුරේ පොදු ප්‍රවාහනය නංවන්නට රු. මිලියන 360ක නව බස්රථ

75 වන නිදහස් සමරුවට සමගාමීව මෙරට ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහන සේවාවන් ශක්තිමත් කිරීම උදෙසා ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 500ක්‌ ධාවනයට එක් කිරීමේ වැඩසටහන යටතේ,  යාපනය ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග වල ධාවනය උදෙසා නව බස්රථ 24ක්‌ ධාවනයට එක් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්යාපනයේදී සිදු කෙරිණි.

මෙම වැඩසටහන යටතේ ලංගම උතුරු ප්‍රාදේශීකයේ ඩිපෝ 7ක්‌ වෙනුවෙන් අදියර දෙකක් යටතේ නව බස් රථ 32ක්‌ බෙදා දී තිබේ.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය රටේ සියළු පළාත්වලට මෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශ වලටත්, සමාන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. පසුගිය වසර තුනක කාලය පුරාවට විවිධ හේතුන් මත විශාල පීඩාවන්ට රැසකට ජනතාව මුහුණ දී තිබෙනවා. ඒ හේතුවෙන් ම පොදු ප්‍රවාහන සේවාවන් උදෙසා පවතින ඉල්ලුම  විශාල ලෙස වැඩි වී තිබෙනවා. එම නිසා එම සේවාවන් තවදුරටත් වර්ධනය කිරීමේ වගකීම රජයට පවතිනවා. නමුත් ඒ වෙනුවෙන් දැරීමට සිදුවුන ප්‍රාග්ධන වියදම් සපයා ගැනීමේ විශාල අභියෝගයකට රජය මුහුණ දී සිටිනවා.

එවැනි අපහසුතාවයන් අතර වුවත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ නව බස්රථ 32ක්‌ මෙම ප්‍රදේශවල ජනතාවගේ පහසුව වෙනුවෙන් යෙදවීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. ඒ වෙනුවෙන් ඉන්දියානු රජයට සහ මහ කොමසාරිස් තුමා ඇතුළු නිලධාරින්ට අපගේ විශේෂ ස්තූතිය පිරිනමනවා."