Thursday, August 21, 2025
Follow Us
නව ගුවන් හමුදාපති අගමැති හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මා‍ර්ෂල් උදේනී රාජපක්ෂ මහතා අද (17) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

ධුරයට පත්වීමෙන් පසු නව ගුවන් හමුදාපතිවරයා සම්ප්‍රදායානුකූලව අග්‍රමාත්‍යවරයා හමු වූ අතර සමරු තිළිණයක් ද මෙහි දී පිළිගන්වනු ලැබීය.
එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මෙරට දහනව වන ගුවන් හමුදාපතිවරයා යි.