Tuesday, November 05, 2024
Follow Us
නවීකරණය කළ අනුරාධපුර සිට ඕමන්ත දක්වා දුම්රිය ධාවනය ඇරඹේ
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර සිට ඕමන්ත දක්වා කොටසේ ගමනාගමන කටයුතු ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද (13) නිල වශයෙන් ආරම්භ කෙරිණි.
 
අනුරාධපුර දුම්රිය ස්ථානය පරිශ්රයේ සිදුකෙරුණු සමාරම්භක අවස්ථාව සංකේතවත් කරමින් දුම්රිය ස්ථාන පරිශ්රයෙහි අමාත්යවරයාගේ සුරතින් දුර්ලභ "පඬු කරඳ" ශාකයක් රෝපණය කිරිමද සිදුවිය.
නවීකරණය කෙරුණු දුම්රිය මාර්ගය මධ්යයෙහි සාම්ප්රදායික හින්දු චාරිත්ර ඉටුකිරීමෙන් අනතුරුව දුම්රිය අනුරාධපුර සිට ගමන් ආරම්භ කරන ලදි.