Thursday, August 21, 2025
Follow Us
ගොවීන්ට තවත් පොහොර වර්ගයක් නොමිලේ

එළැඹෙන මහ කන්නයේ දී තවත් රසායනික පොහොර වර්ගයක් නොමිලයේ ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කර ඇති අතර, ඒ සඳහා ජනාධිපතිවරයා යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

මේ අතර, ලබන මහ කන්නයේ දී සියලු ගොවීන්ට පොහොර මිල දී ගැනීම සඳහා වවුචර්පත් වෙනුවට ගොවි ගිණුම්වලට මුදල් නිකුත් කිරීමට ද රජය තීරණය කර තිබේ.