ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.
රටේ පාරිභෝජනයට අවශ්‍ය සම්පූර්ණ වියළි මිරිස් ප්‍රමාණයම 2025 වනවිට අප රටේම නිපදවා ගැනීමේ වැඩපිළිවෙළ මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ.
ගුවන් ගමන් පාලකවරුන් මෙරට හැර යාම හේතුවෙන් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නැති කිරීම සඳහා ගුවන්ගමන් පාලකවරුන් 50 දෙනෙකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියට නියෝග කර ඇත.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි පළමු වන දින සිට 2023 පෙබරවාරි 28 වන දින දක්වා මාර්ගගත
ක්‍රමය ඔස්සේ පමණක් මේ වන විටත් සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
ඒ් අනුව 2023 පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැක.
එම දින මධ්‍යම රාත්‍රි දොළහෙන් පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලබන අතර කිසිඳු හේතුවක් මත අයදුම් පත් බාර ගැනීමේ දිනය වෙනස් කිරීමක් සිදු නොකරන බව අවධාරණය කර සිටි.
එබැවින් අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්යය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අද (16) සිට විදුලි කප්පාදුවක් සිදු නොවන බවත් ඒ අනුව අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කරන බවත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් “සීතාවක ඔඩිසි” (9255/9655) ධාවනයට එක් කර ඇත.
පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය නිකුත් කර ඇත.
එය පහත සඳහන් පරිදි වේ .
.
අඩු ආදායම්ලාභීන් විදුලිබිලට සහනයක් ලබාදීමට කටයුතු කරන ලෙස ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ.
දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඉදිකිරීම් කර්මාන්ත පුනර්ජීවන කමිටුව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් විය.
නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන් ම තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්‍රමුඛ අවධානයක් යොමු කරන නිසා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට සුවිශේෂ ස්ථානයක් හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
මෙරට මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයට විදුලි වාහන හඳුන්වා දීමේ සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට අවශ්‍ය සියලු ශක්තිය ලබාදීම සඳහා රජය කටයුතු කරන බව
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මෙරට ධාවනය වන ත්‍රීරෝද රථ ඇතුළු වාහන විදුලියට පරිවර්තනය කිරීමේ පර්යේෂණ හා නිෂ්පාදන කටයුතු සිදුකරන වේගා ඉනෝවේටිව් ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ආයතනයේ නිෂ්පාදන අංශවල සිදු කෙරෙන කටයුතු සහ ඒ සඳහා දායකවන විවිධ අංශවල කාර්යභාරයන් මෙහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
මේ අවස්ථාවේදී වේගා ඉනෝවේටිව් ආයතනය මගින් විදුලියට පරිවර්තනය කරන ලද ත්‍රිරෝද රථ, යතුරුපැදි හා එම ආයතන මගින් නිර්මාණය කරන ලද සුපිරි මෝටර් රථයේ ධාවන තත්ත්වයන් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
මෙරට නවොත්පාදන වර්ධනය කිරීම සහ පර්යේෂණ පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන ට්‍රේස් ආයතන පරිශ්‍රය ස්ථාපිත කර තිබේ. එහි පිහිටා තිබෙන වේගා ඉනෝවේටිව් ආයතනය මගින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීමට ලක් වූ නව නිර්මාණ රැසක් සිදුකරයි.
ෆොසිල ඉන්ධන භාවිතය අවම කිරීමේ සංකල්පය සහ ඉන්ධන පිරිවැය අධික වීම හේතුවෙන් පොදු ප්‍රවාහන සේවය සහ පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයට විදුලි රථ වාහන හඳුන්වාදීම රජයේ ප්‍රතිපත්ති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මඟින් ඊට අදාළ ප්‍රමිතීන් හා නිර්ණායකයන් ඉදිරිපත් කර තිබේ.UNDP ආයතනයේ ආධාර යටතේ මෙරට ත්‍රිරෝද රථ 300ක් පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇත.
ඒ සඳහා සිය නිර්මාණ ඉදිරිපත් කිරීමට දේශීය නව නිර්මාණකරුවන්ට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය විසින් අවස්ථාව උදාකර දී ඇත. ත්‍රිරෝද රථ වලට අමතරව යතුරු පැදි, මෝටර් රථ, බෝට්ටු ඇතුළු වාහන රැසක් විදුලියට පරිවර්තනය කිරීමේ තාක්ෂණය ද මෙම ආයතන සතුව පවතී. දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ ඉල්ලුමක් පවතින කර්මාන්ත ක්ෂේත්‍රයක් ලෙස වර්ධනය වන මෙම කර්මාන්තයට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින ඌන උපයෝජිත ඉඩම් හා වත්කම් යොදා ගැනීමට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබාදීම සඳහා විෂය භාර අමාත්‍යවරයා ලෙස කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
මෙතෙක් මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ කැලණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ද ලබාදීම ඊයේ (14) නිල වශයෙන් ආරම්භ විය.
Page 75 of 628