ඉන්දියානු NTPC විදුලිබල සමාගම, ලංකා විදුලිබල මණ්ඩලය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) යන ආයතන වල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්, ලංකා විදුලිබල මන්ඩලය සහ ඉන්දියානු NTPC ආයතනය එක්ව ක්‍රියාත්මක කරන මෙගාවොට් 130ක සාම්පූර්, සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙම ව්‍යාපෘතියේ මෙගාවොට් 50ක පලමු අදියර සදහා වන බලශක්ති බලපත්‍රය නිකුත්කිරීම ලබන සතියේ සිදුවන අතර ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සමග ව්‍යාපෘතියට සහ සම්ප්‍රේෂණ කටයුතු වලට අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම වෙනුවෙන් සාකච්ඡා සිදු කරනු ලැබුණි.
මෙරට විදුලිබල සම්ප්‍රේෂණ සහ ජාල සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් සහ ව්‍යාපෘති සංවර්ධනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ණය ආධාර ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන්ද මෙහිදී ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකු නිලධාරීන් ප්‍රකාශ කර කර තිබේ.