දිවයින පුරා මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති 7000ක පමණ වැඩ අතරමඟ නතරව ඇති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඊයේ (13) පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ජාතික සභාවට අද (14) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.
මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.
ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි බවත්, රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් රටට හිතකර අසීරු තීරණ ගැනීමට ඉදිරියේ දී සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
බදු පැනවීම් සිදු කළේ රටේ ජනතාව මුහුණ දී ඇති අසීරුතාව නොදැන නොවන අතර රටේ ආර්ථිකය පවත්වාගෙන යාම වෙනුවෙන් එම තීරණය ගැනීමට සිදු වූ නමුත් නුදුරේදීම ජනතාවට සහන ලබාදීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ දී පළමු වරට එකලස් කරන ලද Hyundai Grand i10 මෝටර් රථය අද (10) කොළඹ සිටි සෙන්ටර් හිදී මුල් වරට වෙළෙඳපොලට හඳුන්වා දීමේ අවස්ථාවට එක් වෙමිනි.
රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වන බවට ඇති විශ්වාසය මෙවන් මොහොතක නවතම වාහනයක් ශ්‍රී ලාංකීය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් තහවුරු වන බව ජනාධිපතිවරයා පැවසීය.
Hyundai Grand i10 වාහනය වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විදෙස් රටවල් අප රට පිළිබඳ තබා ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අබාන්ස් ඔටෝ සමාගම සහ කොරියාවේ හුන්ඩායි මෝටර් සමාගම අතර සහයෝගීතාවයෙන් මෙම මෝටර් රථය සීදූව ප්‍රදේශයේ ස්ථාපිත නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලාවක් තුළ එකලස් කිරීම සිදු කෙරේ. මෙම අවස්ථාව දේශීය වශයෙන් රථ වාහන එකලස් කිරීමේ සහ වාහන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,
මෙම Hyundai Grand i10 මෙරට එකලස් කිරීම, පෙස්ටන්ජී මහත්මියගේ අධිෂ්ඨානයට උපහාරයක්.1977 දී ආර්ථිකය විවෘත කළ විට ඇය මෙම ගමන ආරම්භ කළ ආකාරය මම දන්නවා.
මට මතකයි එදා මම පස්වැනි පටුමගෙන් ගාලු පාරට එන විට අබාන්ස් ප්‍රදර්ශනාගාරයක් තිබුණා. අද වන විට ඔබ එතනින් මේ තත්ත්වයට පැමිණ තිබෙනවා. ඔබ කළ දේට බොහෝම ස්තූතියි.
දකුණු කොරියාව සහ ලංකාව අතර පවතින සහයෝගීතාවය වගේම කොරියාවෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් අපේ රටට ලැබෙන නිසා මෙය අනෙකුත් ආයෝජකයින්ගේ පැමිණීමටත් හොඳ ආරම්භයක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා..
අද විශේෂයෙන්ම Hyundai Grand i10 වාහනය ශ්‍රී ලංකාවේදී මේ අයුරින් වෙළෙඳපොලට හඳුන්වා දෙන්නේ අපේ රට පිළිබඳ තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු කරමිනුයි.
අපේ රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක මෙවන් වාහනයක් හඳුන්වා දීමට කටයුතු කළ අබාන්ස් හා හුන්ඩායි සමාගම්වලටත් පෙස්ටන්ජී මැතිණියටත් මගේ විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුයි.
මේ වාහනය හඳුන්වාදීම සිදු වන්නේ ලංකාවේ ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක. නමුත් මේ රටේ ආර්ථිකය නැවත ගොඩ නැඟෙනවා කියන විශ්වාසය ඇතුවයි. ඒ තැබූ විශ්වාසය පිළිබඳව නැවතත් මම ඒ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.
පසුගිය වසරේ අපේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ පසුබිමක අපි 2023 වසර ආරම්භ කළේ ඉතා අසීරු අදියරකින්. නමුත් මේ වන විට ක්‍රමාණුකූලව රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ අනුව ඉන්ධන, ගෑස් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුම් ලබාදීමට හැකි වී තිබෙනවා. ඒ අයුරින්ම අපි තවත් ප්‍රශ්න ගණනාවක් විසඳා තිබෙනවා.
මෙවර මහ කන්නයේදී අපි හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවෙයි රුපියල් මිලියන 20ක වී මිළ දී ගෙන අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමට අපි කටයුතු කරනවා.
රටේ ආර්ථිකය ගොඩනැංවීමට අපි මෙවන් පියවර ගණනාවක් අරගෙන තිබෙනවා. ඒ වගේම අයි. එම්. එෆ් සංවිධානය සමඟ එකඟත්වයකට පැමිණිමට හැකි වී තිබෙනවා. පැරිස් සමාජය, ඉන්දියාව, චීනය සමඟ සාකච්ඡා පැවැත්වෙනවා. ඔවුන් අතර ඇති වෙනස් ක්‍රමවේද විසඳ ගැනීමට අප කටයුතු කරනවා.
ඒ අනුව තව මාස කිහිපයක් ගත වන විට මීට වඩා ආර්ථික දියුණුවක් සිදුවෙලා එළැඹෙන වසර වන විට යළිත් වාහන මිළ දී ගත හැකි පාරිභෝගිකයන් පිරිසක් රටේ සිටිනු ඇති බවට කිසිඳු සැකයක් නෑ.
අලෙවියක් නැත්නම් ව්‍යාපාරිකයෙක් මුදල් ආයෝජනය කරන්නේ නෑ. ආර්ථිකය කඩා වැටී ඇති බව හිතනවා නම් අළෙවියක් තිබෙන බව හිතන්නේ නෑ. එසේ නම් අපේ ආර්ථිකය ගොඩනැඟෙමින් ඇති නිසා තමයි මෙවන් ආයෝජන සිදු වන්නේ.
ආර්ථකය ගොඩනඟමින් ඉදිරියට යන මෙම ක්‍රියාදාමය තුළ අපට විවිධ තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ අතරින් සමහර තීරණ ඉතා අපහසුවෙන් ගැනීමට සිදු වෙනවා. ඒ තීරණ ජනප්‍රිය නොවන තීරණ වෙන්න පුළුවන්.
ආර්ථික කඩා වැටීම හමුවේ ජනතාව මුහුණ දී සිටින දැඩි අසීරුතාව මම දන්නවා. ඒ වගේම බදු වැඩි කිරීම නිසා ඇති වූ දුෂ්කරතාව මම දන්නවා. සමහරුන්ගේ වැටුපෙන් බදු හා ණය ගෙවූ පසු ඉතුරු වන්නේ ඉතා සුළු මුදලක්. මේ දුෂ්කරතාව දරාගන්න සිදුවන්නේ තව ඉතා ටික කාලයයි. අප රට ඉදිරියට ගෙන යා යුතුයි. නමුත් අපි මේ මේ තීරණ ගත්තේ නැත්නම් අද රට මේ තත්ත්වයේ තිබෙන්නේ නැහැ.
එමෙන්ම ඉදිරියේ දී රට පිළිබඳ සිතා තීරණ ගැනීමට අපේ සියලු දේශපාලන නායකයින් කැපවනු ඇතැයි මම විශ්වාස කරනවා. අපිට ජනප්‍රිය තීරණ ගන්න පුළුවන්. ඒත් ජනප්‍රිය තීරණ විතරක් ගත්තොත් රට දියුණු වෙන්නේ නෑ.
සිංගප්පූරුව ඊට හොඳ උදාහරණයක්. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ කිසි විටෙක ජනප්‍රිය තීරණ ගත්තේ නෑ. ඔහු තීරණ ගත්තේ රට වෙනුවෙන්. ඒ තීරණ පිළිගනිමින් ජනතාව එතුමා සමඟ වැඩ කළා.දකුණු කොරියාවේ පාලකයනුත් ඒ වගේ රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගත්තා. යුරෝපයේ තත්ත්වයත් එයයි.
විශේෂයෙන්ම එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් අගමැතිතුමාගේ කාලයේ දී කිව්වා යුරෝපා සංගමයෙන් ඉවත් වුණොත් අලුත් වෙළෙඳපොල ලබා ගත හැකි බවත් ඉතිරි කරන මුදල්වලින් සෞඛ්‍ය සේවය දියුණු කළ හැකි බවත් ප්‍රකාශ කළා. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වුණා. සෞඛ්‍ය සේවයට මුදල් තිබුණේ නෑ. තිබෙන වෙළෙඳපොල තවත් අඩු වුණා.
ඉන්පසු පත් වූ ලිස් ට්‍රස් අගමැතිනිය බදු අඩු කිරීමට කටයුතු කළා. ඊට දින දෙකක් ගත වෙන්නත් පෙර එංගලන්තයේ පවුමක අගය කඩා වැටුණා. සමහර විට රුපියල කඩා වැටුණට වැඩිය වේගයෙන් පවුම කඩා වැටුණා. එතුමිය අගමැති තනතුරින් ඉවත් වෙලා දැන් යළිත් නව අගමැතිවරයෙක් පත්වී සිටිනවා. වර්තමාන අගමැතිවරයා රට වෙනුවෙන් හොඳ තීරණ ගැනීමට කටයුතු කරමින් සිටිනවා.
අපේ රටේ අනාගතය වෙනුවෙනුත්, තරුණ තරුණියන්ට හොඳ රටක් ගොඩනඟාදීම වෙනුවෙනුත් අපට මේ තීරණ ගැනීමට සිදුව තිබෙනවා. වැඩි කාලයක් ගතවීමට පෙර මේ රටේ ආර්ථිකය යළි ගොඩනැගෙනු ඇතැයි මම විශ්වාස කරනවා.
වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන් ජින් ජියොන්ග් (Santhush Woonjin JEONG), ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි, අබාන්ස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂවරුන් වන සරොෂි ඩුබාෂ් සහ රුසි පෙස්ටොන්ජී යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
එළඹෙන 2024 වර්ෂයේ සිට 6 ශේණියේ සිට 13 දක්වා වූ සියලු ශ්‍රේණිවල විෂයමාලා යාවත්කාලීන කර 8 ශ්‍රේණියේ දී කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීම ඇරඹීමට මේ වන විට අදාළ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
විපතට පත් තුර්කි ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09 ) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර යටතේ මෙරට වී වගා කරන ගොවීන් ලක්ෂ 12කට මුදල් ගිණුම්ගත කිරීමේ වැඩ පිළිවෙළ දේශපාලන පක්ෂ දෙකකට සහයෝගය දක්වන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබි තිබේ.
මෙම මුදල් ගොවි ගිණුම්ගත කිරීම ප්‍රමාදවීම, ගිණුම් අංක වැරදියට සඳහන් කිරීම නිසා රුපියල් මිලියන 1300ක් ආපසු ඒම, හා ඇතැම් ගොවිජන සේවා බලප්‍රදේශවලින් මෙතෙක් ගොවි ගිණුම් අංක එකක් හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නොලැබිම යන කරුණු කෘෂිකර්ම අමාත්‍යංශයේ අවධානයට යොමු විය.
ඒ අනුව මෙම කාරණා සම්බන්ධව පසු විපරම් කිරීම හා සමාලෝචනය කිරීමේ රැස්වීමක් ඊයේ (13) පස්වරුවේ කාෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවැත්විනි. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ, ගොවිජන කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ.
මෙරට වී වගා කරන ගොවි ජනතාවට සහන සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් රුපියල් කෝටි 800ක මුදලක් ලබා දී තිබිණි. මෙවර මහ කන්නයේ දී වී වගා කරන හෙක්ටෙයාර් එකකට රුපියල් 10,000ක් හා හෙක්ටෙයාර් දෙකකට රුපියල් 20,000ක් බැගින් මෙම මුදල් ගොවි ගිණුම්වලටම යැවීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිනි. ඒ අනුව මේ වනවිට රුපියල් මිලියන 6500ක් ගොවි ගිණුම්වලටම යොමු කර තිබේ. නමුත් ගිණුම් අංක වැරදියට සඳහන් කිරීම නිසා ඉන් රුපියල් මිලියන 1300ක් ආපසු පැමිණියේය.
තවත් රුපියල් මිලියන 1500ක් යැවීමට නියමිත නමුත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල කටයුතු කරන කෘපනිස හා තාක්ෂණික නිලධාරින් පිරිසක් විසින් මෙතෙක් අදාල ගොවි ගිණුම් අංක ප්‍රධාන කාර්යාලයට එවා නොමැත.
මෙම සමාලෝචන රැස්වීමේ දී සදහන් කළ කරුණු අනුව කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් හා තාක්ෂණික නිලධාරින් පිරිසක් මෙම කඩාකප්පල්කාරී වැඩ පිළිවෙළෙහි නිරත ව ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ. ඔවුන් දේශපාලන පක්ෂ දෙකක උපදෙස් මත මෙම කඩාකප්පල්කාරී ක්‍රියාව සිදුකර ඇති බවට දැනට ලැබී තිබෙන තොරතුරු අනුව පැහැදිළි වේ.
ඒ අනුව මෙම නිලධාරින් සම්බන්ධව වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට නිලධාරින් කණ්ඩායමක් පත් කිරීමටත්, විමර්ශන කටයුතු කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
එමෙන්ම ගොවිජන සේවා මධ්‍යස්ථානවල කටයුතු කරන එවැනි නිලධාරින් පිළිබඳව වහාම තොරතුරු එක්රැස් කරන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
ගොවි ගිණුම් අංකයක්වත් නිවැරදිව සදහන් කිරීමට නොහැකි මෙන්ම රජයේ වැඩිපිළිවෙළවල් දේශපාලන වුවමනාවන් මත කඩාකප්පල් කිරීමට කටයුතු කරන රජයේ සේවකයින් පිරිසක් රාජ්‍ය සේවය තුළ කටයුතු කිරීම ඛේදජනක සිද්ධියක් යැයි ද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.
වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේදී සාකච්ඡා කෙරේ
උතුරේ නැවත පදිංචි කෙරෙන පවුල් 197ක් සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සහ රුපියල් 38,000 බැගින් වූ චෙක්පත් ප්‍රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (11) සිදු කෙරිණි.
මාකඳුරේ කෘෂිකර්ම පර්යේෂණායතනය විසින් නිෂ්පාදනය කරන පණු කොම්පොස්ට් (Vermicompost) පොහොර සඳහා ගොවි ජනතාවගෙන් ඉහළ ඉල්ලුමක් පවතින බව එම කෘෂිකර්ම පර්යේෂණායතනයේ කෘෂි විද්‍යාඥ ප්‍රියංගා දිසානායක මහත්මිය පැවසුවාය.
අද (13) ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ සිදු වූ බිඳවැටීම හේතුවෙන් භාර ගන්නා ලද අයදුම්පත්‍ර සඳහා බලත්‍ර නිකුත් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව කණගාටුව පළ කර සිටි.
සංහිඳියාවෙන් පමණක් ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ආර්ථික සංවර්ධන වේගය රඳා පවතින්නේ ජනතාවගේ ආකල්ප සහ කැපවීමේ ප්‍රමාණය මත බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.
නව වන පාර්ලිමේන්තුවේ හතරවන සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශේෂ කරුණු පහත සඳහන් වේ.
Page 76 of 628